Carb vs EFI මොකද්ද හොඳ? මොකද්ද වෙනස? - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, November 25, 2018

Carb vs EFI මොකද්ද හොඳ? මොකද්ද වෙනස?


බොහෝ දෙනෙක් ඉල්ලීමක් කලා EFI Vs Carburetor ගැන සරළව පැහැදිලි කරන්න සහ වාසි අවාසි ගැන ලිපියක් ලබා දෙන්න කියලා මේ නිසා අද මාතෘකාව වෙන්නේ යතුරුපැදි වල එන EFI හා Carb අතර ගුණ අගුණ විස්තර කිරීමයි.


සරළ හැදින්වීමක් ලෙස කාබ් සහ EFI යන උපාංග දෙකෙන්ම සිදු වෙන කාර්යය එන්ජිමට ඉන්ධන හා දහන පෝෂක අවශ්‍ය පරිදි ලබා දීමයි.මුල් කාලයේදී සෑම ඉන්ධන මගින් බලගැන්වෙන රථයක්ම කාබරේටර් එකක් හරහා ඉන්ධන සැපයුම කරගත්තද වර්ථමානය වන විට 98%ක්ම පාහේ මෝටර් රථ ද 80 දශකයේ සිට ලෝකයේ බොහෝ යතුරුපැදි ද EFI වෙත නැඹුරු උනා මේ වන විට Low cost එනම් අඩු පිරිවැයෙන් නිපදවෙන යතුරුපැදි, අඩු ධාරිතාවයන්ගෙන් එන යතුරුපැදි හා DRZ වැනි Dual Purpose යතුරුපැදි Carb භාවිතා කරන අතර කාබ් භාවිතා කරන යතුරුපැදි වලින් 90%කට වඩා ඉන්දියාවේ නිශ්පාදන වන යතුරුපැදි වනවා මන්ද ලොවට අඩු පිරිවැයෙන් ඕනෑම පුද්ගලයෙකු හට මිලට ගත හැකි මිල ගනන් යටතේ යතුරුපැදි නිපදවන එකම හා විශාල යතුරුපැදි නිෂ්පාදකයන් ඉන්දියාව වන නිසා.

ඔබට ඉන්දියාවේ යතුරුපැදි ඉතිහාසය පහත Link එක මතට ගොස් කියවිය හැක.

CARBURETOR



ඉහත ඡායාරූපය බැලු බැල්මට කාබ් එක යනු ඉතා සංකීරණ උපාංගයක් ලෙස ඔබට හැඟෙනු ඇත. නමුත් කාර්බරේටර් එක යනු ඉතාම සරළ හා කාර්මිකව හැසිරෙවෙන උපාංගයකි.මෙහි සියලුම කොටස් ඉතාම පහසුවෙන් ගලවා නැවත සකස් කිරීමට තරම් හැකියාව යම් කාර්මික දැණුමක් ඇති අයෙකුට නිවසේදීම වූවද කල හැකිය.

කාබ් එකෙහි මූලික කොටස් ලෙසට
Fuel chamber.
Choke valve.
Piston valve (throttle valve).
Main jet or main channel.
Slow jet.
Piston valve screw.
Pilot screw.
Acceleration pump.
යන කොටස් නම් කල හැකියි.

ක්‍රියාකාරිත්වය



පෙර සඳගන් කල පරිදි කාබ් එක යනු ඉතා සරළ උපාංගයකින් මෙම උපාංගය ක්‍රියාත්මක කිරීමට විදුලිය හෝ කිසිඳු ඉලෙට්‍රොනික විධානයක් අවශ්‍ය නොවන අතර CDI මත යෙදන විධානය හා පුළිඟු පෙනු ( Spark Plugs) මත ඇති වෙන ක්‍රියාවලියට සමගාමිව කාබ් එක තුල වාතය හා ඉන්ධන, ඉන්ධන කුටීරය එනම් Fuel Chamber එක තුල මිශ්‍ර කොට එන්ජිමට පොම්ප කිරීම සිදු කරණු ලබයි.මේ ක්‍රියාවලිය නිසි ලෙස නොවුන අවස්ථාවන් හී ඇති වෙන සුලඹ ගැටලුව ලෙස එදිනෙදා ව්‍යාවහාරයේ එන Miss කිරිල්ල පෙන්වා දිය හැකියි.

Carburetor හී වාසී
1.මිලෙන් ඉතාම අඩු අතර නඩත්තු වියදම් අවමයි.
2.ඕනෑම යතුරුපැදි සේවා ස්ථානයකින් මෙන්ම නිවසේ වූවද යම් කාර්මික දැනුමක් ඇත්නම් සුසුර කර ගැනීම හා නඩත්තු කටයුතු කරගැනීමට හැකියි.
3.විදුලිය අවශ්‍ය නොවන නිසා බැටරි බැස ඇති හෝ බැටරි නැති අවස්තාවකදී වූවද Kik Start මගින් යතුරුපැදිය පන ගන්විය හැක.
4.අඩු අශ්වබල සහිත යතුරුපැදි වල ඉහල Trottle Response එකක් ලබා දේ.
5.ඔක්ටේන් 95 ඉන්ධන යෙදීම අත්‍යාවශ්‍ය නොවේ.
6.සමහරෙක් යතුරුපැදි වල Kik Starter එකක් දැකගත හැකියි. මේ නිසා බැටරිය බැස ඇති අවස්ථාවන්හී ඉතා පහසුවෙන් යතුරුපැදිය පනගන්වා ගත හැකියි.
7. Racing ධාවනයට සාපේක්ශව අඩු මිලකින් වැඩි දියුණු කල හැකියි. මංද Racing ECU එකකට වඩා Racing CDI එකකට වැය වන්නේ ECU එකක මිලෙන් 1/3 අඩු මිලක්.


Carburetor හී අවාසි



1.ඉන්ධන කාර්යයකෂමතාව අවමයි.
2.ඉන්ධන පූරණ දහනයක් සිදු නොවේ. මේ නිසා වැඩි වශයෙන් අඩක් දහනය වූ ඉන්ධන හා අහිතරකර වායූන් වායුගෝලයට එකතු වේ.
3.ශීත හා මුහුදු මට්ටමෙන් ඉහල වායු පීඩනය අඩු ප්‍රදේශ වලදී එන්ජිම පන ගැන්වීමේදි ගැටලු ඇති විය හැකියි.
4.සුසර කිරීම EFI වලට සාපේක්ශව වැඩි වාර ගණනක් කිරීමට ඉඩ ඇත.

මොකද්ද මේ Sensor Carb හා Flat Carb කියන්නේ?

Sensor Carb



මේකත් තවත් එක් මූලික ගැටලුවක් සහහරෙක් දෙනා අනුමාන කරන්නේ සෙන්සර් කාබ් එහෙම නැත්තම් TPS (Trottle Position Sensor) එකක් ඇති කාබ් එක යනු EFI යන්නයි නමුත් එය වැරදි Sensor කාබ් එක මගින් සිදුකරන්නේ කාබ් එක තුල ඇති ඇක්සිලේටරය කරකවන සෑම අවස්තාවකම කාබ් එක තුල ඇති Butterfly Spindle Position එක කියවීමයි මේ නිසා වඩා නිරවද්‍ය ලෙස CDI එකෙන් Ingnition System එක වෙත පණිවිඩය යැවෙන අතර ගැටලු අවමයෙන්  යතුරුපැදිය පනගන්වා ගැනීමට සෑම අවස්ථාවකම අවස්තාව හිමි වෙනවා.මෙහි ක්‍රියාකාරිත්වය 100% සාර්ථක වීමට දෝශ රහිත  100% ගැලපෙන CDI එකක් තිබීම අනිවාර්යය වේ. තවද එකී TPS අංගය EFI වලද දැකගැනීමට ලැබෙනවා.කෙසේ වෙතත් වැඩි ඉන්ධන කාර්යයකෂමතාවක් සෙන්සර් කාබ් ඇති යතුරුපැදි වලින් ලැබෙනවා යැයි යම් තැන් වල දැගනන්න ලැබුනද TPS,TPS නැති හෝ කාබ් අතර සැළකිය යුතු තරමින් ඉන්ධන කාර්යයකෂමතාවයේ වෙනසක් නොමැත.

Flat Carb
අප භාවිතා කරනා සමාන්‍ය කාබ් එක Round Side Carb,CV(Constant Velocity)Carb ලෙසට හඳුන්වනු ලබනවා.Flat Carburetor යනු සම්පුර්ණයෙන්ම රේසිං ධාවනයේදි යොදා ගන්නා කාබ් වර්ගයක් වන අතර මෙම කාබ් එකෙහි හැඩය හා ඇතුලත සැකස්ම නිසා මෙලෙස හඳුන්වනවා.මෙහි සැකස්ම නිසා ඉතා හොඳින් වාතය හා එන්ධන මිශ්‍ර වන අතරම ඉතා සංවේදි හා ඉහල ප්‍රතිචාරයක් සහිත Trottle Response එකක් මේ කාබ් එකක් යොදා ගැනීමෙන් ලබා ගත හැකියි.CV Carb වල මෙන්ම මෙහිද විවිද ප්‍රමානයන් ගෙන් කාබ් ඇත.එමෙන්ම මෙම කාබ් Motorcross සහා අනෙකුත් Race සඳහා යතුරුපැදි වලට එකතු කරනු ලබනවා මෙමගින් එන්ධන කාර්යයකෂමතාව සැළකිය යුතු මට්ටමකින් එන්ජින් ධාරිතාව අනුව අඩු වීමද සිදු වෙනවා.එනම් ඔබේ 200cc යතුරුපැදිය පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර 35ක් ගමන් ගන්නවා නම් ෆැලට් කාබ් එකක් යෙදීමෙන් පසු එය කිලෝමීටර් 25කට ආසන්න විය හැකියි.

EFI - ELECTRONIC FUEL INJECTION

EFI පද්ධතිය යනු බැලු බැල්මට ඉතා සරළ පෙනුමකින් හෙබි උපාංගයකි.නමුත් මෙය සංකිර්ණ මෙන්ම තාක්ෂණය අතින් ඉහල උපාංගයකි.එමෙන්ම විදුලිය හා ක්‍රියාකාරි ECU(Engine Control Unit)එකක් තිබිම අනිවාර්යය වනවා.මිලෙන් ද අධික වන මේ EFI පද්ධතියක් අවම වශයෙන් රුපියල් 40,000 පමණ වන බවට දනගන්න ලැබෙනවා. වර්ථමානයේ මිල අඩුවෙන්ම ලබාගත හැකි EFI යතුරුපැදි ලෙස FZ 2.0 හා Gixxer SF EFI පෙන්වා දිය හැකි අතර එකි 150cc කාණ්ඩයේ EFI පද්ධතියක් රුපියල් 40,000 ඉක්මවන අතර ධාරිතාව හා සිලින්ඩර ගණන මෙන්ම තාක්ෂණය ද අනුව මේ EFI පද්ධතියක මිල වෙනස් වනවා.එමෙන්ම මුලු ක්‍රියාවලියම සංවේදක මත පදනම්ව සිදු වනවා.

Electronic Fuel Injection හී ප්‍රධාන සංවේදක.

1 Air Flow Sensor.
2.Intake air temperature sensor.
3.Barometric pressure sensor.
4.coolant temperature sensor.
5.Throttle position Sensor.
6.Engine speed sensor.
7.manifold vacuum sensor.
8.Idler position sensor.
9.Vahicle speed sensor.
10.Crank angle sensor.
11.Cam angle sensor.
12.Knock sensor.
13.O2 Sensor.
14.Battery Voltage.
15.Injector signals.
16.Fuel pump signal.
17.Purge control solenoid valve.
ලෙස නම් කල හැකියි.තවද මෙයින් සමහරෙක් සංවේදක අඩු පිරිවැය යොදා නිපදවෙන FZ,Gixxer වැනි යතුරුපැදි වල දැකගත නොහැකි අතර Engine Temperature,Battery Voltage වැනි අංග මීටර් පුවරුවෙහි ද නොපෙන්වයි. මේ නිසා ඔබට වැඩි තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය නම් ECU එක සමඟ OB2 උපාංගයක් සම්බන්ද කොට  ජංගම දුරකතනයට Torque Application එක ලබාගෙන Bluetooth මගින් 98%කට ආසන්න නිරවද්‍ය Real Time Engine Details ලබා ගැනීමට හැකියාව පවතිනවා.


ක්‍රියාකාරිත්වය



පෙර කී පරිදි EFI යනු ව්දුලිය හා ඉලෙට්‍රොනික විධාන මතම යැපෙනා උපාංගයකි.මේ නිසා අනිවාර්යයෙන් ප්‍රශස්ත මට්ටමක බැටරි ධාරිතාවක් තිබීම අනිවාර්යය වේ.යතුරුපැදිය පන ගැන්වීමෙන් පසු ECU (Electronic Control Unit) එක මගින් ලබා දෙන විධානයන් මත EFI පද්ධතිය ක්‍රියා කිරීම සිදු වේ. සරළව මේ ECU යන්න අර්ථ දැක්වුවහොත් මෙය කාබ් යතුරුපැදි වල එන CDI (Capacitor discharge ignition) වෙනුවට යොදා ගන්නා උපාංගය වන අතර යතුරුපැදියෙහි මධ්‍ය සැකසුම් ඒකකය ලෙසද සඳහන් කල හැකියි මෙමගින් යතුරුපැදියෙහි සම්පුර්ණ ඉලෙට්‍රොනික ක්‍රියාවලින් පාලණය සිදු කරයි.


ECU එක මගින් ඉහත සඳහන් කල සියලුම සංවේදක පරීක්ෂා කොට අවශ්‍යම ලෙසට ඉන්ධන හා වාතය එන්ජිම තුලටම විදිනු ලබන අතර ඉන්ධන හා වාතය එන්ජිමෙහි Combustion Chamber එක තුල මිශ්‍ර වී දහනය වන නිසා කාර්යයකෂමතාව වැඩි වී වායු විමෝචනය කාබ් යතුරුපැදියකට වඩා බොහෝම අවම අගයක අවත්වා ගැනීමට සමත් වනවා.ECU එක මගින් සෑම නිමේශයකම ගමන් ගන්නා වේගය,Trottle Position,RPM සියල්ලම අධ්‍යනය කරමින් ගැලපෙනම ආකාරයට ඉන්ධන නිකුත් කිරීමට EFI පද්ධතියට විධාන ලබා දේ යම් හෙයකින් මේ එක් සංවේදකයකට හෝ හානි වුව හොත් ක්‍රියාකාරිත්වය අඩපන වන අතර යතුරුපැදියට යතුර දමා ක්‍රියා කරන සෑම අවස්ථාවකදීම යම් ශබ්දයක් පිට කරමින් අදාල ක්‍රියාවලිය පරීක්ෂා කිරීමක් ECU එක මගින් සිදු කරණු ලැබෙ. යම් හෙයකින් එකදු හෝ සංවේදකයක දෝෂයක් ඇත්නම් එය මීටර් එකෙහි ඇති Check Engine අයිකනය දැල්වීමෙන් පෙන්නුම් කරනු ලැබේ.


EFI මේ වන විට ඉතාම දියුණු මට්ටමක ඇති අතර යතුරුපැදි අතර දියුණුතම EFI පද්ධතිය ලෙස Honda සමාඟමට සම්පුර්ණ අයිතිය ඇති PGM - FI නොහොත් Programmed Fuel Injection පෙන්වා දිය හැකියි.

EFI හී වාසි
1.උපරිම ඉන්ධන කාර්යයකෂමතාවක් හා බලයක් ලබා දේ.
2.ඉන්ධන හොඳින් දහනය වන නිසා වායු විමෝචනය අවම වේ.
3.දෙදරීම් හා ශබ්දය කාබ් යතුරුපැදි වලට වඩා අවමයි.
4.කාබ් යතුරුපැදි වලට සාපේක්ශව වැඩි කාලයක් පුළිඟු පෙනු (Spark Plug) භාවිතා කල හැක.
5.රේසිං ධාවනයන් හීදී පෙර සැකසුම් කිහිපයක් ECU එක මත ගබඩා කර තබ ගත හැක.
6.යම් කාර්මික දැනුමක් ලබාගත් පසු පවර් කමාන්ඩර් වැනි උපාංග සවි කොට නිවසේ සිටම එක එක අවස්ථාවන්ට උචිත ECU සිතියම්ගත කිරීම් පුද්ගලික පරිගණකය මඟින්ම ඇතුලත් කල හැක.
7.වඩා හොඳ එන්ජින් කාර්යයකෂමතාවක් ලබා ගත හැකියි.
8.නිතර නිතර සුසුර (Tune) කිරීම් කල යුතු නැත.
9.විවිධ දේශගුණයන් හා මුහුදු මට්ටම් අනුව නැවත නැවත සුසර කල යුතු නැත.ECU එක මගින් එය ස්ව්‍යංක්‍රීයව කරගනී මේ නිසා Miss කිරිම් හා උදෑසන යතුරුපැදිය පන ගැන්වීමේදි ගැටලු ඇති නොවේ.
EFI හී අවාසි



1.මිල කාබ් වලට සාපේක්ශව ඉතා ඉහලයි.150 කාණ්ඩයේ මිල අධිකම යතුරුපැදිය FZ 2.0 වීමට හේතුවද මෙයයි.
2.දෝෂ රහිත ECU එකක් සමඟ බැටරියෙහි වෝල්ටියතාව ප්‍රශස්ත මට්ටමක තිබිය යුතුයි. නැත හොත යතුරුපැදිය පන ගැන්විය නොහකියි.
3.කික් ස්ටාර් එකක් දැක ගත නොහැකියි මේ නිසා බැටරි බැස ඇති අවස්ථාවක පහසුවෙන් පන ගැන්විය නොහැක.
4.යම් සේවා ස්ථාන වල EFI ආශ්‍රිත නඩත්තු කිරීම් සිදු කිරිමට පහසුකම් නොමැති නිසා ගටලු ඇති විය හැකියි.
5.අඩු ධාරිතාවයෙ යතුරුපැදි වල Trottle Response එක තරමක් අඩු විය හැකියි.
6.EFI පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය හා කල් පැවත්ම හොදින් තබා ගැනිමට නම් නිතරම ඉන්ධන ලීටර 2ත් 1.5ත් අතර ටැංකියේ ගබඩා කොට තිබිය යුතුමය.
7.රේසිං ධාවනයට වැඩි දියුණු කරන විට ඉතා ඉහල මුදලක් වැය කිරීමට සිදු වේ.


ඉතාම සරළව මෙලෙසට Carb vs EFI ගුණ අගුණ සාරාංශය ගත කල හැකියි.සෑම අතකින්ම ගත් කල EFI යනු පරිසර හිතකාමි සහ දියුණු උපාංගයකි.මිල අධික අමතර කොටස් ඇති මේ EFI පද්ධතියකට හානි වුව හොත් විශාල මුදලක් දැරීමට සිදු වෙන අතර ගං වතුර,මීයන් වැනි සතුන්ගේ සපා කෑම් වැනි තත්වයකට හැර EFI පද්ධතියකට හානි නොවේ.පිරිවැය අඩු යතුරුපැදි වල එලෙස හානි සිදු වූවද Adventure හා  Enduro කාණ්ඩයේ යතුරුපැදි ගැඹුරු ජලයට ද ඔරොත්තු දෙන ලෙස නිමවා ඇති නිසා FZ,Gixxer වැනි යතුරුපැදි වල EFI පද්ධති වලට වඩා ද මිලෙන් ඉහළයි.තවද EFI යතුරුපැදි වලට වඩාත් යෝග්‍ය ඉන්ධන වර්ගය ලෙස ඔක්ටේන් 95 යොදාගත හැකියි. එම නිසා ඔබ සතුට EFI යතුරුපැදියක් ඇත්නම් ඔක්ටේන් 95 යොදාගැනීම වඩාත් සුදුසුයි.

කාබ් යතුරුපැදි මිලෙන් අඩු හා නඩත්තු වියදමෙන් අවම අතර බොහෝ විට වායු විමෝචනය හා ඒ ආශ්‍රිත නීතී අලුත් වීම සමඟම කාබ් යතුරුපැදි නිශ්පාදන 2 Srtoke යතුරුපැදි මෙන් සීමා වි‍ය හැකියි.මෙරට වෙලඳපොලෙහි අලුතෙන් මිලට ගත හැකි යතුරුපැදි හා රීකන්සිශන් යතුරුපැදි වලින් 90% පමණ කාබ් යතුරුපැදිය.මෙරට මිල අඩුම EFI යතුරුපැදිය Yamaha FZ 2.0 මෙන්ම මිල අධිකම යතුරුපැදිය KTM Duke 390 ය තවද මෙරට අධිබලැති යතුරුපැදි 99%ක්ම පාහේ EFI යතුරුපැදිය.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

අපගේ Youtube Channel එකද Subscribe කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment