එහේ ලක්ශ 2යි මෙහෙ ලක්ශ 9යි බද්දට යට උන Bajaj Dominar 400 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, April 1, 2018

එහේ ලක්ශ 2යි මෙහෙ ලක්ශ 9යි බද්දට යට උන Bajaj Dominar 400

අද මාතෘකාව විදියට විශේෂයෙන් ඉන්දියන් බයික් පදින කොල්ලොන්ගේ බරපතල ඉල්ලීමක් උන Bajaj Dominar 400CS එහෙමත් නැත්තම් Pulsar පවුලේ වැඩිමලා Pulsar 400 Cruising Sports යතුරුපැදිය ගැන කතා කරන්න තීරණය කලා.

මේ යතුරුපැදිය ගැන හැඳින්වීමක් කලොත් මුලින්ම 2014 වසරෙදි Pulsar 400CS යන නමින් තමයි කරළියට එන්නේ ඉන් පස්සේ 2017 වසරේ Bajaj Dominar 400CS යන නමින් මෙය යතුරුපැදි වෙළඳපොලට Bajaj සමාගම ඉදිරිපත් කරනවා.ඒ වර්ථමානයේ 100% ඉන්දියානු සමාගමක් විසින් නිපදවූ බලගතුම යතුරුපැදි ලෙස එමෙන්ම එකල වූ වේගවත්ම ඉන්දියානු යතුරුපැදියද මෙය වූ නමුත් 2018 වසරේ දී කරළියට පැමිණි TVS Apache RR310 නොහොත් Akula 310 වේගවත්ම ඉන්දියානු යතුරුපැදිය බවට පත් වෙනවා.

මේ යතුරුපැදි ගැනත් විස්තර කිරීම සුපුරුදු විදියට එන්ජින් එක මගින් පටන් අරගමු.

මෙහි එන්ජිම විදියට 373.3cc Triple Spark, Four-stroke, තනි සිලින්ඩර වෑල්ව 4ක DTSi එන්ජිමක් ලබා දී තිබෙනවා.
ලෝකයේ ප්‍රථම වතාවට තනි සිලින්ඩර එන්ජිමකට Spark Plug 3 එකතු කිරීමේ තාක්ශයන යොදාගත්තේද බජාජ් විසින් NS200 යතුරුපැදියටය මේ නිසා එන්ජිමෙන් ඉතාම ඉහල කාර්යක්ෂමතාවයක් ලබා ගත හැකි අතර එක් Spark plug එකට හානි වූවද එන්ජිම පන ගැන්වීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙම එන්ජිම ලබා දෙන උපරිම බලය අශ්වබල 35ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 160ක් පමණ වනවා. මෙරට මෙන්ම ඉන්දියාවේ ද යතුරුපැදි පිලිබඳ නිසි අවබෝධයක් නොමැති පිරිස 400cc එන්ජිමකින් මේ ලැබෙන බලය හා වේගය මදි බව පවසනවා.නමුත් Ducati Diavel, Yamaha V-Max, Triumph Rocket 3 වැනි  Cruising යතුරුපැදි ද 1000,1800,2000cc වූවද Sport හා Naked යතුරුපැදි වල තරන් ඉහල වේගයක් ලබා ගන්නෙ නෑ මීට හේතුව Cruising යතුරුපැදි වේගයට වඩා පහසුවෙන් දුර ගමන් බිමන් යෑමට හැකි ලෙස නිම කර තිබීමයි.

මෙයට යතුරුපැදියේ බර,සැකැස්ම එන්ජිමේ Tune එක වැනි සාධක බලපානවා.

මීලඟට මෙහි සිසිලන පද්ධතිය ගැන කතා කලොත් ද්‍රව සිසිලන පද්ධතියක් ඩොමිනා වෙත ලැබී තිබෙනවා.මේ නිසා දුර ගමන් එන්ජිම අනවශ්‍ය ලෙස රත්කර ගැනීමෙන් තොරව ධාවනයට අවස්ථාව හිමි වෙන අතර ඉන්දියාව වැනි රටවල අධිවේගී මාර්ග වලට යතුරුපැදි ඇතුල් කිරීමට හැකි නිසා එම රට වල යතුරුපැදි කරුවන් හට 130, 140kmph වැනි වේගය කිලෝමීටර් 200-300 වැනි දුරක් පහසුවෙ ධාවනයට ඉඩ ලැබෙනවා අනිවාර්යයෙන් Sport Cruising මාදිලියේ යතුරුපැදියක් වන මේ යතුරුපැදිය මේ පහසුකම ධාවකයා වෙතට ලබා දිය යුතුමය.

මීලඟට මෙහි ඉන්ධන සැපයුම වෙත අවධානය යොමු කලොත් Closed loop fuel injection තාක්ශයන මඟින් සිදුවන අතර ඉන්ධන කාර්යක්ෂමතාව පෙට්‍රල් ලීටර 1කට කිලෝමීටර් 28ත් 30 අතර වනවා.

මෙහි ඉන්ධන ගබඩාව ලීටර 13ක ටැංකියක් වන අතර අවම වශයෙන්  ලීටර 18ක ටැංකියක් වත් ලබා දුන්නේනම් Cruising sport යතුරුපැදියකට එය විශාල වාසියක් මේ නිසා ලීටර 13 ඉන්ධන ටැංකිය තරමක අඩුවක් ලෙස පෙන්විය හැකි.
අදාල කාණ්ඩයේ Mahindra Mojo 300 හී නම් ලීටර 21ක ටැංකියක් දැකගත හැකියි.

මෙහි ගියර් හා ක්ලච් ගැන කතා කලොත් වේග හයක ගියර් පද්ධතියක් හා ක්ලච් එක ලෙස ඉන්දියානු යතුරුපැදියක් සඳහා ප්‍රථම වතාවට Slipper clutch යොදා ගැනීම සිදු කලා. වර්ථමානයේ ඉන්දියානු වේගවත්ම රේසින් මැශිම රේසින් යතුරුපැදිය වන TVS අකූලා 310 එනම් RR310 හී වත් slipper cltuch එකක් අන්තර්ගත වන්නේ නෑ.රේසින් යතුරුපැදියක වත් ඇතුලු නොවූ ස්ලිපර් ක්ලච් කෲසින් යතුරුපැදියක් වන ඩොමිනාර් වෙත ලබා දීම බජාජ් විසින් සිදු කල වටිනා දෙයක් වන අතර මේ ස්ලිපර් ක්ලච් නිසා wet multi-plate ඩිස්ක් සහිත ක්ලච්  එකකට වඩා පහසුවෙන් හා ඉක්මනින් ගියර් ඉහල පහල කිසිදු හිරවීමක් හෝ ශබ්දයකින් තොරව හුවමාරු කර හැකි අතර වංගු වලදීද මෙය වාසියක් වෙනවා.වර්තමානයේ ඩොමිනා හැර ස්ලිපර් ක්ලච් ඇති එකම ඉන්දියානු යතුරුපැදිය පසුගිය මස TVS එලිදැක්වූ TVS Apache RTR 200 Racing edition 2.0 යතුරුපැදිය පමණි.(මේ ස්ලිපර් ක්ලච් ගැන ඔබට ගැටලුවක් ඇති බව මම හිතනවා මෙහි ක්‍රියාවලිය ගැන වාසි අවාසි වෙන්ස්කම් ගැන ඉදිරි දිනයක සම්පූර්ණ ලිපියක් රැගෙන එන්නම්)

මීලඟට මෙහි Design එක ගැන අවධාන යොමු කලොත් පුද්ගලිකව RTR200 හා RR310 හැර අලංකාරම හා ආකර්ෂණීයම යතුරුපැදියක් ලෙස මෙය හැදින්විය හැකි අතර ඕනෑම උසක අයෙකුට පහසුව ධාවනය කිරීමට හැකි අන්දමට මෙය සකසා තිබෙනවා.තවද බොහෝ පල්සර් යතුරුපැදි වල දැකගත හැකි වූ අඩුවක් ලෙස දුර ධාවනයේදී ශරීරයට තරමක් ඇති වෙන අපහසුතා ඩොමිනා හී දී බොහෝ සෙයින් පාලනය කර ඇති අතර  මම ධාවනය කර ඇති ඉන්දියාවේ නිශ්පාදිත යතුරුපැදි අතරින් සුවපහසුම හා දෙදරීම අවමම යතුරුපැදිය ලෙස මෙය නම් කල හැකී.

මෙහි බර කිලෝග්‍රෑම් 182  වන අතර Ground clearance එක 157mm වෙනවා එමෙන්ම seat heigh එක 800mm වනවා.මේ ඩිසයින් එක නියම sport crusing පෙනුම ලබා දෙන ආකාරයට ජවසම්පන්න ලෙස නිම කර ඇති නමුත් එක අඩුවක් ලෙස Visor එක පෙන්විය හැකී එනම් පැයට කිලෝමීටර් 100 ඉක්මවා ධාවනයේ දී  සැලකියයුතු මට්ටමක මුහුනට එල්ල වෙන සුලංපාරයි කෙසේ වෙතත් මේ සඳහා වෙනත් visor එකක් භාවිතා කර මේ ගැටලුව සමතයකට පත් කර ගත හැකී.

මෙහි seats සුවපහසුව දෙදෙනෙකු හට ගමන් කිරීමට පහසු ලෙස නිමවා ඇති අතර Apache RTR200 හි මෙන් ඉතා සුවපහසුව කුශන් කර තිබෙනවා එමෙන්ම rider හා pillion passenger යන දෙපාර්ශවයටම පහසුවෙන් පාද තබාගත හැකි ලෙස footpegs පිහිටා තිබෙනවා මේ නිසා සුවපහසුව දුර ගමන්බිමන් යෑමට ඩොමිනා ධාවකයා හා මගියා හට හැකි වෙනවා.

මෙහී Meter console එක හා අනෙකුත් Indicators ලෙස අවධානය යොමු කලොත් ඉතා නවීන පැහැදිලි ඩිජිටල් මීටර් පද්ධතිය දැක ගත හැකි අතර මෙහි Speed,ODO,Time,Trip,RPM,Fuel Gage,Service reminder වැනි තොරතුරු පෙන්නුම කරන අතර Battery low warning,ABS,Engine heat indicator වැනි තොරතුරු ටැංකිය මත ඇති Light Indicators මගින් පෙන්නුම් කරනවා.

මෙහි ඇති අඩුවක් ලෙස Meter panal එකේ හෝ ටැංකිය මත ඇති Indicators වල Gear position එක පෙන්නුම් නොකිරීම සදහන් කල හැකී. 2018 මාදිලියේදී මෙම අංගය එකතු වේයයි බොහෝ දෙන සැක පහල කලත් භාහිර වර්ණ සංයෝජනය හා Gold rim යොදාගැනීම හැර එන්ජිමෙහි හෝ තාක්ශනිකව හෝ 2017 මාදිලියට වඩා 2018 මාදිලියේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර ඉන්දියානු රුපියල් 2000කින් මෙහි මිලද වැඩි විය.

මෙහි ෆ්‍රේම් එක ලෙස
Beam Type Perimeter Frame එකක් ලබා දී ඇති අතර මෙය මුල් වරට බජාජ් යොදාගත්තේ NS 200 හා RS 200 යතුරුපැදි වලටය මේ perimeter frame එක යොදාගැනිම නිසා ඉතාම හොඳින් කලින් පල්සර් වල තිබූ දෙදරීම NS200,RS200,NS160 මගහරවා ගත් අතර තවත් වැඩිදියුණු කර බජාජ් මේ පෙරිමීටර් ෆ්‍රේම් එක ඩොමිනා වෙත ලබා දී තිබෙනවා.මෙහි දෙදරීම ඉතාම අවම අතර ඉතා හොඳ ස්තාවර බවක් ධාවනයේදි ලබා දෙනවා එමෙන්ම ඉන්දියානු යතුරුපැදි අතුරෙන් දෙදරීම් අවමම යතුරුපැදියද වනවා.කෙසේ වෙතත් අඩු ගියර් වල 4000RPM වල පමණ ගමන් කරන විට තරමක දෙදරීමක් මේ Footpegs හා Handle bar ආශ්‍රිතව දැකගත හැකීයි.

මෙහි අනෙකුත් පල්සර් වල Clip on handle bar යොදා ඇති නමුත් මෙහි සාමාන්‍ය One piece handle bar එකක් දැගන්න ලැබෙන්නෙ.CS400 Concept හි තරමක් පහත Hadlebar යොදා තිබුනද එය ආකර්ෂණීය වූවද බජාජ් මෙය Production තත්වය ගෙන ඒමේදී හැසිරවීමේ පහසුව උදෙසා handle bar වෙනස් කර තිබෙනවා.

මීලගට මෙහි Suspension දෙස අවධානය දුන් විට Gas filled Mono shock එකක් පසුපස සඳහාද ඉදිරිපස Telescopic 43mm Forks ද ලබා දී ඇති අතර බොහෝ දෙනා CS400 හී තිබු USD වෙනුවට මෙහි සාමාන්‍ය Telescopic fork ලබා දීම අඩුවක් ලෙස නොසතුට පල කල අතර මමද පුද්ගලිකව මේ පිලිබඳ යම් නොසතුටක් පල කරනවා නමුත් ඉන්දියාවේ ලක්ශ 2කටත් අඩුවෙන් අලෙවි වන මේ යතුරුපැදිය Value for money යන ස්ථානය රැකගැනීමට නම් අනිවාර්යයෙන් පිරිවැය අඩු කරගැනීමට සිදු වෙනවා මේ නිසා මේ මිලට ඉන්දියාවේ නම් USD ලබා නොදීම අඩුවක් ලෙස පෙන්විය නොහැකි අතර 43mm ශක්තිමත් fork යුගලය හා monoshock සුවපහසු ගමනකට හා ආකර්ෂණය පෙනුමකට උපරිම දායකත්වය ලබා දී තිබෙනවා.

මෙහි break ගැන කතා කලොත් 320mm ඩිස්ක් එකක් සමඟ BYBRE කැලිපරයක් යොදාගෙන ඇති අතර පසුපස 240mm ඩිස්ක් එකක් සමඟ BYBRE කැලිපරයක් යොදා තිබෙනවා මෙහි තිරිංග ප්‍රතිචාරය ඉතා හොඳ මට්ටමක පවතින අතර Dual Channel ABS යොදාගෙන තිබෙනවා එකම එක අඩුවක් ලෙස මෙය ON/Off කිරීම සිදු කිරීම නොහැකි වීම සඳහන් කල හැකී.

ටයර් ලෙස ඉදිරිපස 110/70-R17 හා පසුපස 150/60-R17 පුලුලි ටියුබ් රහිත ටයර යොදා ඇත මේ නිසා ඉතා හොදින් පොලව සමඟ Grip එකක් ඇති අතරම පිරිපුන් පෙනුමක් යතුරුපැදිය වෙත ලැබී තිබෙනවා.

මෙහි Headlamp එක ලෙස සම්පුර්ණ LED ව්ලින් නිම වු අලංකාර පුලුල් පරාසයක විහිදෙන ආලෝකය සහිත Headlamp ලබා දී ඇති අතර මෙය AHO(automatic healamp on) වනවා එමෙන්ම මෙහි LED DRLS(daytime running lamps) ද ඇතුලත් මෙය කැපී පෙනන පෙනුමකට විශාල උපකාරයක්.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන සඳහන් කලොත්  ඉන්දියාවේ Value for money එනම් ගන්න ගානට වටින්ම 'වණ්ඩිය' ලෙස පැවති KTM Duke 390 අභිබවා යෑමට ඩොමිනා සමත් වන අතර ඉන්දියාවේ මෙහි මිල රුපියල් එරට මුදලින් 1,46,113 පමණ වනවා එනම් මෙරට මුදලින් 3,43,851 පමණ කෙසේ වෙතත් මෙය ලංකාවේදී සියලුම බදු වලට යටත්ව රුපියල් 9,90,000 වන අතර මෙය මෙසේ වීමට හේතුව බදු අයවෙන හැටි පෝස්ටුව කියවිමෙන් තේරුම් ගත හැකී එය මෙතනින් කියවන්න.

LED Head,Slipper Clutch,Dual ABS,EFI වැනි අංග වලින් සපිරි ඉන්දියාවේ යතුරුපැදි අතර පෙරළියක් කල මේ ඩොමිනා මෙරට තුල රුපියල් මිලියනකට ආසන්න උනේ බදු වලට පිං සිදුවන්නටය. කෙසේ වෙතත් ආනයන කරණු ලැබූ යතුරුපැදි 8න් 6ක්ද මේ වන විට අලෙවි වි අවසානයි මෙරට ආර්ථික තත්වය හා ජපන් යතුරුපැදි වලට ඇති පිලිගැනිම නිසා CB4 වැනි යතුරුපැදියක් පසෙකලා ඩොමිනාර් වෙත යෑම බොහෝ දෙනා  මග හරිනවා.නමුත් මාගේ පුද්ගලික මතය අනුව සිලින්ඩර 4ක බලය හා සැප පහසුව හැර CB4 හී නැති Slipper clutch,abs,led head වැනි අංග සමග යම් හෙයකින් මෙය ලක්ශ 7කට වත් පැමිණියා නම් බොහෝ දෙනා සතු කර ගැනිමට උත්සහ දරන යතුරුපැදියක් වේවි.

කෙනෙකු ඇසුවොත් ඉන්දියන් බයික් වලින් හොඳම එක මොකද්ද යනුවෙන් මම ඩොමිනාර් තෝරගැනීමට මැලි වන්නේ නැහැ.

මෙම යතුරුපැදිය සමඟ තරඟයට ඉන්දියාවේ නම් Benelli TNT300,KTM Duke 390,Kawasaki Z300,Royal Enfield Bullet 350,Mahindra Mojo 300 වැනි යතුරුපැදි සිටිනවා.

බයික් එක ගැන අදහසක් පහල තියෙන ෆොටෝ බලලා අරගන්න අදහස් යෝජනා චෝදනා අපේ fb පිටුවට යොමු කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©













No comments:

Post a Comment