Kawasaki ZX25R 2018 ආයෙත් Inline 4 Cylinder කරළියට??? - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, March 21, 2018

Kawasaki ZX25R 2018 ආයෙත් Inline 4 Cylinder කරළියට???


බොහෝ දෙනෙක් පේජ් එක පටන් ගත්ත මුල් කාලේ ඉදලම වගේ අපෙන් ඇහුවා ඇයි දැන් සිලින්ඩර 4 250cc බයික් නැත්තෙ කියලා.

ඒ වගේම මෑතකදි ලොකු කසුකුසුවක් ගියා Kawasaki විසින් ආයෙමත් 4 Cylinder 250 එකක් හඳුන්වලා දෙන්න යනවාය කියලා අද අපි ඒ ගැන කතා කරමු.

මේ යතුරුපැදිය ගැන කතා කලොත් Kawasaki sport bike පවුලේ Ninja කොටසටයි ඇතුලත් වෙන්නේ එමෙන්ම මේ යතුරුපැදිය 1988 සිට 2005 දක්වා නිශ්පාදනය වූ ZXR250 (45hp) යතුරුපැදියෙහි එන්ජිම මත පදනම්ව නිපදවෙන බවයි සඳහන් වන්නේ.
මෙහි පෙනුම බොහෝ දුරට ZX10R යතුරුපැදියට සමාන ලෙස හා නිර්මානය කර ඇති අතර මුලින්ම මේ 4 සිලින්ඩර කතාන්දරය 2011 වසර අගදී පමණ කරළිය වෙත පැමිණිය එකක් නමුත් 2017,2018 වසර වලින් එකකදි මෙය බොහෝ දුරට නිකුත් වේවි ඇයි යතුරුපැදි ක්ශේත්‍රයේ විචාරයකයන් පැවසීම නිසා 2017 වසර අග දී පමණ විශාල වශයෙන් මේ ගැන අවධානය යොමු උනා..


එය එසේ උනත් කවසාකි සමාගම මේ වෙනවිටත් නිල වශයෙන් මේ ගැන කිසිදු ප්‍රකාශයක් පල නොකට ඇති අතරම 2011 සිට මේ දක්වා පැවති කිසිම රථවාහන ප්‍රදර්ශනයකදී වත් අඩුම තරමින් මූලාකෘතියක් (Prototype) වත් ඉදිරිපත් කලේ නැහැ.මේ නිසාම මේ වන විට කොටසක් දෙනා මෙය හුදෙක් කටකතාවක් පමණක් යැයි බැහැර කර තිබෙනවා. අවාසනාවට මෙන්  සැබෑවටම මෙය කට කතාවක් පමණයි.


යම් හෙයකින් මේ යතුරුපැදිය නිකුත් උනා නම් එහි

248cc, DOHC සිලින්ඩර 4ක වෑල්ව 16ක ද්‍රව සිසිලන four-stroke එන්ජිමක් ලබා දෙන අතර මෙය වත්මන් නීතී වලට යටත්ව අශ්වබල 40කට සීමා වෙනවා.

උපරිම වේගය පැයට කිලෝමීටර් 190 පමණ වන අතර 2006 වසරෙන් පසුව ප්‍රථම වරට යතුරුපැදි වෙළඳපොලට නිකුත් වන සිලින්ඩර 4ක 250cc යතුරුපැදියද වනවා.
කෙසේ වෙතත් මෙය කටකතාවක් පමණක් නිසා 99%ම මෙය විශ්වාස කල නොහැකි.එම නිසා තව දුරටත් සියලු දෙනාට 250 කාණ්ඩය සිලින්ඩර 2කින් සෑහිමකට පත් කිරිමට සිදු වෙනවා.
එමෙන්ම වත්මන් ZX25R සිලින්ඩර 2කින් අශ්වබල 39ක් පිට කරන පැයට කිලෝමීටර් 180ක් ලබා දෙන කඟවේනෙකු නිසා ඔබට මඟ හැරෙන්නේ සිලින්ඩර 4ක ශබ්දය පමණයි.

මීලඟට බොහෝ දෙනාට ඇති වු ගැටලුව ඇයි සිලින්ඩර 4 එන්ජින් නැවතුනේ? ලෙඩක් ද? මාකට් නැද්ද? ගාන වැඩී ද?

2006 වසරේ දෙසැම්බර් 26වන දින Honda Hornet 250 (CB250F) වෙලඳපොලට නිකුත් විමත් සමඟම දශක ගණනක් නිපදවු සිලින්ඩර 4ක 250 යතුරුපැදි නිශ්පාදනය අවසන් උනා එතැන් පටන් සිලින්ඩර 2ක් හෝ එකක් 250 වල දැකගත හැකි වූ අතර Honda CB400 වැනි යතුරුපැදි හැර අනෙකුත් සියලුම යතුරුපැදි වල සිලින්ඩර 4ක් අන්තර්ගත වූයේ 600cc ධාරිතාවයෙන් උඩදීය.

එකල නිපදවු සුපිරි සිලින්ඩර 4ක 250 යතුරුපැදි ලෙස Honda CBR 250RR,CB Jade 250,Hornet 250,Suzuki Katana GSX250S,Ninja ZXR250,Bendit 250,FZR250,Zeal250 වැනි යතුරුපැදි නම් කල හැකි අතර මෙරට තුල අදටත් Hornet,CBR,Jade වැනි යතුරුපැදි වලට අදටත් හොඳ මිලක් පවතිනවා.
Yamaha Zeal 250(40hp)
Suzuki Katana 250S(40hp)
Suzuki GSX250F(40hp)
Kawasaki ZXR250(45hp)
නිල වශයෙන් කිසිදු සමාගමක් මේ 250 සිලින්ඩර 4 එන්ජින් සහිත යතුරුපැදි නිශ්පාදනය නතර වීම ගැන අදහස් පල කර නැති නමුත් මුලික සාධක ලෙස

නිශ්පාදන පිරිවැය අධික වීම:- 80-90 දශක වලට වඩා මේ වන විට මේ ආකාරයට යතුරුපැදියක් නිපදවීමට යන පිරිවැය සැලකිය යුතු ලෙස වැඩි අතර එම මිල ගනන් යටතේ 250 යතුරුපැදියක් අලෙවිය බාල විය හැකි බවත් 400cc හෝ 600cc වැනි යතුරුපැදියකට යන වියදමක් දරා 250 යතුරුපැදියක් නිශ්පාදනය පාඩු ලැබීමට හේතුවක් බවත් විචාරයකයන් පවසනවා.
උදාහරණයක් ලෙස 1999 වසරේ ZXR එක 2018 නිපදවූයේ නම් සිලින්ඩර 4කට යන පිරිවැය කාබ් 4කට(බොහෝ දුරට EFI) අත්‍යාවශ්‍ය Double disk with ABS,Up side down inverted Forks,Digital meter වැනි අංග අනිවාර්යයෙන් එකතු විය යුතු නිසා CBR600 යතුරුපැදියක සමාන මිලක් 250 යතුරුපැදිය සඳහා වැය විය හැකී.

නීතිමය ගැටලු:- සමහරෙක් රට වල සිලින්ඩර 4ක 250 යතුරුපැදි වල අශ්වබල45, 40ක් ලෙස අඩු කිරීමට සිදු වූ අතර තවත් සමහරෙක් රට වල A1 කාණ්ඩයට 250 සිලින්ඩර 4 ධාවනය තහනම් විය.(වයස 17ට අඩු)

වායු විමෝචනය හා ශබ්ද දූෂණය අවම කිරීමට ජපානයේ පැනවු නව නීතී රෙගුලාසි.

බොහෝ යතුරුපැදි ජපානය අභයන්තරයේ පමණක් භාවිතයට(Domestic use only) නිපදවු නමුත් තනි අපනයකරුවන් මේවා වෙනත් රට වලටද බෙදා හැරීම නිසා 400cc,600cc කාණ්ඩයේ අපනයණය කරන යතුරුපැදි වල අලෙවිය බාල වීම.
උදාහරණයක් ලෙස ජපානය ඇතුලත පමණක් නිපදවු Hornet,Jade,CBR වැනි යතුරුපැදි පිට රටවලට ව්‍යාප්ත වීම නිසා CBR600RR වැනි යතුරුපැදි වල අලෙවිය භාල වීම මංද ඉතා අඩු මිලට 600 යතුරුපැදියක වේගය ශබ්දය ආකර්ෂණීය බව 250 එකකින් ඉතා අඩු මිලට ලබා ගත හැකි වීමයි.

මේ නිසා නිශ්පාදකයින් කල් යත්ම අපනයන මට්ටමේ යතුරුපැදි වල අලෙවිය ස්තාවර කිරීම් උදෙසා සිලින්ඩර 4 යතුරුපැදි නිශ්පාදනය අත් හිටුවන ලදි.

තවද 2006 2007 පමණ කාලයන් වන විට 600වලින් පහල බොහෝ යතුරුපැදි ජපානයෙන් පිට ඉන්දියාව,මැලේසියාව,තායිලන්තය,ඉන්දුනීසියාව,චිනය වැනි රටවල් වල නිශ්පාදනය පිරිවැය අඩුකිරීම උදෙසා නිපදවිම් ආරම්භ කල අතර යුරෝපයේ 600 වලින් පහල යතුරුපැදි අලෙවිය අඩු වී ඉහල ධාරිතාවන්ගෙන් යතුරුපැදි අලෙවිය ඉහලට යෑමක් පෙන්නුම් විය මේ නිසා 250 කාණ්ඩයේ යතුරුපැදි ආසියාව ඉලක්කකොට ඉහත කී රටවල් වලද යුරෝපය ඉලක්ක කර ඉහල ධාරිතාවයෙන් යුතු යතුරුපැදි ජපානය,බ්‍ර්තාන්‍ය,ඔස්ට්‍රේලියාව,කැනඩාව වැනි රටවලද නිශ්පාදනය සිදු විය මේ සමගම මිලෙන් හා බලයෙන් අඩු 250 ආසියාව පුරා විහිදී ගිය අතරම 100% ජපානයේ 250 වලින් පහල නිශ්පාදිත ජපන් යතුරුපැදි ද අවසාන විය.

උදාහරණය ලෙස

CBR250R(27hp) - ඉන්දියාව
CBR250RR(38hp) - ඉන්දුනීසියාව
YZF-R25(38hp) - ඉන්දියාව හා ඉන්දුනීසියාව
Ninja 250 (39hp) - තායිලන්තය

කෙසේ වෙතත් මේ සිලින්ඩර 4 එන්ජින් සහිත යතුරුපැදි නිශ්පාදනය අත් හිටුවීම පිලිබඳ බොහෝ දෙනා නොසතුට  පල කර කාරණයක් වන අතර අපේ රට මෙන් ඉහල ධාරිතාවයෙන් යුතු යතුරුපැදි ධාවනය තනනම් රටකටද මෙය පාඩුවක්.

අද සිලින්ඩර එන්ජින් ගැන වැඩි වශයෙන් කතා කල නිසා ඉදිරි දිනයක සිලින්ඩර 1, 2, 3, 4 ඇති එන්ජින ගැන හා වාසි අවාසි ගැන ලිපියකි හමු වෙමු.

මීට වඩා තොරතුරු ඔබ මේ ගැන දන්නවා නම් fb post එක පහලින් Comment කරන්න ස්තුතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

1 comment:

  1. apita indiyawe gihin bike ekk aragena reguwen meheta genalla register karanna puluwanda

    ReplyDelete