ලංකාවට අලුතෙන් බැස්ස සිලින්ඩර දෙකේ කෝඩුකාරයා YZF-R3 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, February 27, 2018

ලංකාවට අලුතෙන් බැස්ස සිලින්ඩර දෙකේ කෝඩුකාරයා YZF-R3

අද මාතෘකාව විදියට තවත් බරපතල ඉල්ලීමක් උන ලංකාවට අලුතෙන්ම AMW විසින් ආනයන කරන ලද දැනට  මෙරටින් Brand new මිලදී ගත හැකි එකම සිලින්ඩර දෙකේ බල සම්පන්න යතුරුපැදිය වෙන Yamaha YZF-R පවුලේ R3  යතුරුපැදිය ගැන සටහන් කිරීමට තීරණය කලා.

මෙම යතුරුපැදිය ගැන කෙටි හැඳින්වීමක් කලොත් මුලින්ම මේ යතුරුපැදිය නිශ්පාදනය වෙන්නේ 2015 වසරේදී ඉන්දුනීසියාවේදිය.පසුව මේ යතුරුපැදියේ එකලැස් කිරීමේ කටයුතු යමහා පූර්ණ අධික්ෂණය යටතේ ඉන්දියාවේදීද සිදු කිරීම ආරම්භ උනා.යමහා YZF-R පවුලේ ලොකුම පුරුක R1 ගැනට පොඩි පුරුක R15 ගැනද මීට පෙර අපි සඳහන් කර ඇති අතර R3 යතුරුපැදිය තරමක් YZF-6 යතුරුපැදියට භාහිරින් සමාන වෙන ලෙස නිමවා තිබෙනවා.

මෙහි එන්ජිම ගැන කතා කලොත් ලංකාවේ Brand New market එකෙහි බලසම්පන්ව තිබු Bajaj Dominar යතුරුපැදිය දෙවෙනි තැනට ඇද දමමින් R3 යතුරුපැදියෙහි එන්ජිම පලවෙනි තැන ලබා ගන්නා අතර දැනට මෙරටින් brand new මිලදී ගත හැකි එකම සිලින්ඩර දෙකෙහි යතුරුපැදියද මෙය වෙනවා.

321cc DOHC Four-Stroke සිලින්ඩර දෙකක එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදියට එක් සිලින්ඩර එකකට වෑල්ව 4 බැගින් වෑල්ව 8ක් ලබා දී ඇති අතර අශ්වබල 42ක බලයක් මේ එන්ජිම මගින් යතුරුපැදිය වෙත ලබා දෙනවා.එමෙන්ම ලබා ගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 192 ලෙස සටහන් වනවා.
දැනට මේ යතුරුපැදියට අභියොග කිරීමට කිසිදු Brand new යතුරුපැදියක් මෙරට තුල නැති උනත් ලබන මස අවසානයට පෙර නිල වශයෙන් මෙරට වෙලදපොලට නිකුත් වන KTM RC 250 හා RC 390 කරට කර තරඟයක් වෙනවා නොඅනුමානයි.

මෙහි සිසිලන පද්ධතිය ලෙස ද්‍රව සිසිලන පද්ධතියක් ලබා දී ඇති අතර ඉතාම හොඳ කාර්යක්ෂමතාවයක් මෙහි දැකගත හැකි නමුත් NS,RS හා R15 වැනි ද්‍ර්ව සිසිලන පද්ධති වලට වඩා නඩත්තු කටයුතු වලදී තරමක වැඩි පිරිවැයක් R3 එකක් මිලට ගන්නා ඔබට වැය කිරීමට සිදු වේවි නමුත් ඒ 10000km-15000km වලට වරක් පමණි.

ඉන්ධන සැපයුම වෙත අවධානය යොමු කලොත්  යමහා විසින් EFI පද්ධතියක් ලබා දී ඇති අතර මෙමගින් ලබාගත හැකි උපරින ඉන්ධන කාර්යක්ෂමතාව පෙට්‍රල් ලීටර එකකට කිල්ලෝමීටර 20-25 පමණ දුරකි මෙම ධාරිතාව හා අදාල කාණ්ඩයේ අනෙකුත් යතුරුපැදි වලට සාපේක්ෂව මෙය ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලෙස සටහන් කල හැකියි.

මෙහි ගියර් පද්ධතිය හා clutch එක ගැන කතා කලොත් වේග හයක ගියර් පද්ධතියක් හා wet multi - plate disk clutch එකක් යොදා ගෙන ඇති අතර අදාල කාණ්ඩයේ කරට කර සිටින Ninja 300 හී ඇති Slipper Clutch වැන් අංග මෙයට එකතු කර නැහැ එසේ උනා නම් ගියර් මාරු කිරීම මීට වඩා ඉතාම සුමට ලෙස සිදු කරගැනීමට ඉඩ තිබුනා කෙසේ වෙතත් යමහා නිශ්පාදන පිරිවැය අඩු කිරීමට යොදා ගත් පියවරක් ලෙස Slipper clutch යොදා නොගැනිම පෙන්වා දිය හැකියි.

මීලඟට මෙහි design එක ගැන අවධානය ලබා දුන් විට පෙර සඳහන් කලාක් මෙන් R6 එකට සමාන ලෙස නිම කර ඇති අතරම ඒ හා සමානම Exhaust Muffler එකක්ද යොදාගෙන තිබෙනවා එමෙන්ම 2015 සිට මේ දක්වාම යතුරුපැදියේ බාහිර පෙනුම වෙනස් නොවි නිෂ්පාදනය වෙමින් පවති.මෙහි සැකසුම වාතය කපාගෙන ප්‍රතිවිරුද්ධව ඉතා හොඳින් ගමන් කලහැකි ලෙස නිමවා ඇති අතරම උස් වයිසරය මගින් ධාවකයා හට හුලඟින් ආරක්ශාව සපයනවා.
මෙහි ධාවකයාගේ foot peges හා ආසනය ඉතාම සුවපහසුව සකසා ඇති අතර පහසු riding position එකක් ධාවකයා හට ලැබෙනවා පහසු ධාවනයට උපකාර වන බොහෝ  sports යතුරුපැදි වල ඇති clip on handle bar මෙහෙද යොදා ඇති අතර Traffic වලද යතුරුපැදිය ඉතාම හොඳින් හසුරවා ගැනීමට ධාවකයා හට පහසුව ලැබෙනවා.
නමුත් පසුපස පිහිටා ඇති කුඩා ආසනය ඉහලින් පිහිටි foot peges හා බොහෝ sport යතුරුපැදි වල මෙන් මෙහිද hump holder(පසුපසින් අල්ලාගන්නා කොටස)එකක්ද නොතිබීම නිසා පසුපස ගමන් ගන්නා කෙනාට තරමක අපහසුවක් දැනීමට ඉඩ තිබෙනවා.

මෙහි ඉන්ධන ගබඩාව ලෙස ලීටර 14ක ඉන්ධන ටැංකියක් ලබා දී ඇති අතර මෙය සෑහීමකට වත් විය හැකි මට්ටමක ඉන්ධන ටැංකියක් එමෙන්ම මෙහි මුලු බර 176kg වන අතර Seat heigh 780mm හා ground clearance 160mm වෙනවා මේ නිසා ඕනෑම උසක අයෙකුට පහසුවෙන් ධාවන කල යතුරුපැදියක් ලෙස R3 නම් කල හැකි අතරම මෙම ground clearance එකද ලංකාවට බොහෝ සෙයින් ගැලපෙනවා.

Meter panal එක ගැන කතා කලොත් semi digital ලෙස මෙය දිස්වෙන අතර RPM Analog ලෙසත් speed,Engine heat,fuel gage,gear position,trip,ODO,time යන තොරතුරු පැහැදිලිව Digital තිරය මත පෙන්නුම් කරනවා.

R3 හී චැසි එක ලෙස steel diamond frame එකක් ලබා දී ඇති අතර දෙදරිම් අවම ලෙස එන්ජින් හා චැසිය නිමවීමට උපන් හපන් යමහා විසින් ඒ ආකාරයම මෙහිද දෙදරිම් අවම හැසිරවීමට පහසු ශක්තිමත් චැසි එකක් යොදා ගෙන තිබෙනවා මෙය ඉහල වේගයන් හී යතුරුපැදියෙහි ස්තාවර බව රැකීමට ඉතාම ඉහල සේවයක් ඉටු කරනවා.

Suspension ලෙස සාමාන්‍ය Telescopic forks ඉදිරිපස ද පසුපස සඳහා Adjustble monoshock ද යොදා ඇති අතර මේවා ප්‍රසිද්ධ KYB Suspension වෙනවා.නමුත් කාණ්ඩයේ RC390 හා Apache RR310 වල මෙන්  USD fork යොදා නොගැනිමද තරමක අඩුවක් ලෙස පෙන්විය හැකි අතර එය එකතු නොකිරීමද නිශ්පාදනය පිරිවැය අඩු කිරීමේ තවත් උපායක් විය හැකියි.

Breaks ලෙස ඉදිරිපස 296mm ඩිස්ක් එකක් ද පසුපස සඳහා 220mm ඩිස්ක් එකක්ද යොදා ඇති අතර ABS මාදිලියේදී Dual Channel ABS දැකගත හැකියි.

Tyres ලෙස ඉදිරිපස 110/70-17 හා පසුපස 140/70-17 ප්‍රමාණයෙන් පුලුල් ටියුබ් රහිත ටයර් යොදාගෙන තිබෙනවා..

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන සටහනක් කලොත් 300cc කාන්ඩයේ බලගතුම හා වේගවත්ම යතුරුපැදිය වන මෙය මිල අතින්ද Kawasaki Ninja 300 හැර මිල අධිකම යතුරුපැදි වෙනවා RC390 හා RR310  හී මිලට සාපේක්ෂව මිල වැඩි වන මෙහි RR310 හා RC390 හී ඇති ABS,USD වැනි අංග නොමතිවද මිල අධික වන අතර Ninja හී Slipper clutch ද R3 හී ඇතුලත් වන්නේ නෑ නමුත් සියලු අතින් ගත් කල ඉතාම සාර්ථක යතුරුපැදියක් ලෙස හැදින්විය හැකි මෙය මෙරදී AMW Yamaha showroom වලින්  රුපියල් 997,400 මුදලකට ලබා ගැනීමට හැකියාව ඇති අතර Finance ලබා ගැනිමේ හැකියාව තිබෙනවා.

යතුරුපැදිය ගැන අදහසක් පහල තියෙන photos බලලා ගන්න ඔබේ අදහස FB post එකේ comment කරන්න ස්තුතිය.

කරුණාකර කතෘ අයිතිය  සුරකින්න.

Wandi - වණ්ඩි©














No comments:

Post a Comment