Traffic එකට හැන්ඩියෙක් Hero Hunk 150 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, September 7, 2017

Traffic එකට හැන්ඩියෙක් Hero Hunk 150

වෙනදා වගේම ඉතින් අදත් අපි කතා කරන්න සෙට් වුනේ ලංකාවේ පාරේ තොටේ දකින්න තියෙන එදිනෙදා පාවිච්චියට සුපිරිම බයික් එකක් ගැන. එහ් තමයි Hero Hunk 150. මේ බයික් එක 2012 ට කලින් hero honda Hunk නමින් ආවත් 2013 කාලය තුල Honda සමාගම hero සමාගමෙන් වෙන් වීමත් සමග hero hunk යන නාමය යටතේ නිෂ්පාදනය ආරම්භ උනා.

මුලින්ම මේකේ engine එකෙන්ම review එක පටන් ගමු. 149.2cc, air cooled, single cylinder engine එකකින් තමයි මේ බයික් එක සමන්විත වෙලා තියෙන්නේ. එහ් වගේම 112kmph වගේ ටොප් ස්පීඩ් එකක් තමයි මේ බයික් එකෙන් ලැබෙන්නේ. මේ engine එකෙන් නිකුත්කරන max output එක සදහන් වෙන්නෙ 15.6bhp ලෙසයි.

150 කාණ්ඩයේ වෙනත් එන්ජින් එක්ක සසදලා බලද්දි හොද engine power එකක් මේ බයික් එකේ තිබෙනවා.
ඒ  වගේම 0-60kmph වේගයක් ලබාගන්න තත්පර 5.2 හා 0-100 වේගයට ලගා වීමට තත්පර 15.2 කාලයක් තමයි ගත වෙන්නේ.

Air cooling engine එකක් නිසා ටිකක් high rpm වලදි engine එක over heat වෙන ස්වාභාවයක් තිබෙනවා නමුත් අද ලංකාවේ හැම 150 bike එකක්ම වගේ air හෝ oil cooling නිසා ඒ බයික් හා මේ බයික් එක අතර ලොකු වෙනසක් නෑ.(liquid cooling දාලා ඔය ගානට දෙන්න බෑනේ.)

Carburetor එකකින් සමන්විත වෙන මේ බයික් එකේ පෙට්‍රල් ලීටර 1 කින් කිලෝමීටර් 50 ත් 55 ත් අතර වගේ ධාවනය කරන්න පුලුවන්. ඒක නිසා තමයි අපි මුලින්ම සදහන් කලේ එදිනෙදා පාවිච්චියට සුපිරිම බයික් එකක් කියලා. එහ් වගේම ලීටර් 12.4 කින් සමන්විත පෙට්‍රල් ටැංකියේ reserve පෙට්‍රල් දාරිතාවය ලීටර 2.2 ලෙස සදහන් වෙනවා.

මුලු බර විදියට 146kg සඳහන් වෙන්නේ.

ඒ වගේම මේ බයික් එකේ gear සහ clutch එක ගැන සදහන් කලොතින් 5 speed gear box එකකින් සහ wet multiplate clutch එකකින් සමන්විත වෙනවා.

Chassis එක ගැන කතා කලොත්
Tubular, Diamond Type frame එකක් තමයි යොදාගෙන තියෙන්නේ මේ frame එක ගොඩ ශක්තිය අතින් ඉහලයි වගේම Honda,Yamaha bikes වගේම high RPM එකකට හොදින් ඔරොත්තු දීමේ හැකියාව පවතිනවා.

Breaks ගැන සදහන් කලොතින් front 240mm disk එකකින් සහා rear 220mm disk එකකින් සමන්විත වෙනවා.

Tyres ගැන කතා කලොත් ඉදිරිපස ටයරය 80/100 x 18-47 P, Tubeless Tyres සහා පිටුපස ටයරය 100 / 90 X 18-56 P, Tubeless Tyres ප්‍රමාණ වලින් සමන්විත වෙනවා . මීට වඩා මේ ටයර් ප්‍රමාණයෙන් තරම් විශාල උනානම් මීට වඩා ලොකු පෙනුමක් හා මීට වඩ හොද ස්ථාවර බවක් ධාවනයේදී riderට ලබාගන්න තිබුනා නමුත් බොහෝ දුරට ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරන්න hero මේ බයික් එකේ ටයර් හීනී කරන්න ඇති.ඒ නිසා අවශ්‍ය පරිදි අලුත් ටයර් මාරුවකදි ගැලපෙන තරමක් පුලුල් ටයර් එකක් යොදාගන්න එක ගොඩක් යෝග්‍යයි.

ඒ වගේම දැනට ලංකාවේ market එකේ තියෙන හැම sport commuter bike එකකටම වඩා අගලකින් පමණ විශාල rim එකක් දැකගන්න පුලුවන් ඒ කිව්වේ අගල් 18 රිම් එකක්.

Suspension ගැන කතා කලොත් ඉදිරිපස Telescopic Hydraulic Shock Absorbers හා පසුපස Rectuangular Swing Arm with  Gas Reservoir Suspension යොදාගෙන තිබෙනවා මේ නිසා ඕනෑම මාර්ගයක සුවපහසුව riderට හා passengerට ගමන් කිරීමට පහසුව ලැබෙනවා වගේම stunt වලදීත් bike එකට විය හැකි හානිය ඉතාම අවමයි.

මේ බයික් එකේ meter එක ගැන කතාකලොතින් semi digital meter එකක් තියෙන meter ලබා දී තිබෙනවා.
මෙහි speed digital ලෙසත්  RPM එක හා fuel gage එක analog ලෙසත් පෙන්නුම් කරනවා ඒ වගේම මේ වගේ 150cc කාන්ඩයේ බයික් වල දැක ගන්නට අඩු විශේෂාංගයක් මේ බයික් එක්කේ මීටර් එකට ලබාදීලා තියෙනවා. එහ් තමයි side stand indicator. මෙය light indicator එකක් මගින් පෙන්නුම් කරනවා.(2016 model)අපේ කලින් review ටික කියවලා තියෙනවා නම් දන්නවා ගොඩක් මේ 150cc කාන්ඩයේ බයික් වල මේක දැකගන්නට නැති බව .

පොඩි අඩුවක් විදියට engine kill switch එකක් දැකගන්න ලැබෙන්නේ නැති එක පෙන්නුම් කරන්න පුලුවන්.

ඒ වගේම fz v2 එකේ එහෙම දැකගන්න නැති kick start එක මේ බයික් එකෙ දැකගන්න පුලුවන් සමහර අය ඒකට කැමතී වගේම තවත් කොටසක් අකමැතියි.

Lighting ගැන කතා කලොත් 12 V - 35 W / 35W - Halogen Bulb Trapezoidal MFR headlight එකක් ලබා දිලා තියෙනවා මේක night riding වලදි හොද ආලෝකයක් ලබා දෙනවා. signal විදියට 12 V - 10 W (Amber bulb) x 2 nos. (Multi - Reflector - Clear lens) හා 12 V - 0.5 W / 4.1W (LED lamps) tail lamp එකක් යොදාගෙන තිබෙනවා.මේ නිසා බයික් එකට ආකර්ශනීය පෙනුමක් වගේම තියුනු ආලෝකයක් පසුපසින් එන කෙනාට උනත් පේනවා.

මේ බයික් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ වීමට හේතුව මේ බයික් එකේ තියෙන පෙනුම සහා මේ බයික් එකේ සැපට ඕන දුරක් යන්නට පුලුවන් වීම, එනෙකුත් 150cc කාන්ඩයේ ගොඩක් බයික් වල පිටුපස පස drum breaks වලින් සමන්විත වුනත් (CB Hornet,gixxer හැර) මේ බයික් එකෙ disk breaks වලින් සමන්විත වීම, එහ් වගේම traffic එකකදී වුනත් හොදින් හැසිරවිය හැකිවීම යන දේවල්. ඒ වගේම ලොකු fuel tank එකක් මේකට ලබා දී තිබෙන නිසා හොද පෙනුමක් ලැබී තිබෙනවා ඒ වගේම fz,cb hornet වල මෙන් plastic  වලින් ආවරණය වූ ටැංකියක් වෙනුවට metal tank එකක් යොදා ගෙන තිබෙනවා එහි වාසි අවාසි කලින් bajaj V15 එක ගැන කියවපු අය දන්නවානේ.

මේ බයික් එකේ පෙනුම කුලු ගවයෙක්ට සමාන කර ඇති අතර මේ බයික් එකේ ආවේනික ලාංජනය (Logo) ලෙසද කුලු ගවයෙක් යොදගෙන තිබෙනවා.


ඒ වගේම මේ බයික් එකත් සමග තරග කරන බයික්ස් ලෙස pulsar 150,  tvs apache 160. Fz V2 hornet 160,gixxer gs හා අලුතෙන්ම කරලියට ආව 160ns පෙන්වා දෙන්න පුලුවන් වගේම මේ බයික් එකත් sports commuter මාදිලියටයි අයත් වෙන්නේ.

නමුත් දැනට ලැබෙන ආරංචි වල හැටියට ඉන්දියාවේ මේ බයික් එකේ නිෂ්පාදන කටයුතු නවත්තලා තියෙනව කියලා. නමුත් ලංකාවේ නම් තාම showroom වල දැකගන්නට ලැබෙනවා.

මේ බයික් එකේ මිල රු. 337,509 ලෙස තමයි සදහන් වෙන්නේ

අවසානයේ photos ඇති බලල අදහසක් ගන්න බොහොම ස්තූති අපේ බ්ලොග් එකත් එක්ක සෙට් වෙලා ඉන්න වැරදි අඩුපාඩු ගැටලු යෝජනා චෝදනා අපේ Facebook page එකට එවන්න like කරලා share කරලා වණ්ඩි එක්ක සෙට් වෙලා ඉන්න. එත් එක්කම අපේ instagram account එකත් follow කරලා සප් එකක් දෙන්න.

විශේෂ ස්තූතිය photos හා තොරතුරු ලබා දුන් hero hunk stunt team එකේ චරිත් පනාගොඩට. (Chris Farias කුරුල්ලා)

කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©






No comments:

Post a Comment