ලංකාවටත් BMW Bikes? BMW G310R - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, September 10, 2017

ලංකාවටත් BMW Bikes? BMW G310R


අද වණ්ඩි කතා කරන්න ආවේ බොහෝ දුරට ලබන වසර අන්තිම හෝ 2019 වසරේදී ලංකාවට එන්න ඉඩතියෙන සුපිරිම බයික් එකක් ගැන.ඒ තමයි BMW G310R

BMW බයික් එකක් කියන්නෙ ඉතින් සාමාන්‍ය කොල්ලෙක්ට ගන්න පුලුවන් බයික් එකක් නෙමෙයි මොකද බොහෝ දුරට ලක්ෂ 20කට එහා බයික් එකක් ගන්න පුලුවන් අය මේ රටේ අඩුයි නේ.අනික 450cc වලින් අඩු BMW බයික්ස් මීට කලිත් තිබ්බෙත් නෑ ඒ නිසා මෙහේ register කරන්නත් බෑ. ලංකාව ඉන්ඩියාව වගේ රටවල් target කරල අන්න ඒකයි 500cc වලට අඩු BMW බයික්ස් හදන්න සැලසුම් කරලා තියෙන්නේ.මේ නිසා BMW සමාගම 2015 වසරේදී TVS India සමාගම සමග ගිවිසුම් ගත වෙනවා මේ අනුව බයික් එකේ එකලැස් කිරිමේ කටයුතු ඉන්ඩියාව තුලදි සිදුවෙන අතර බෙදා හැරීමේ මධ්‍යස්ථානය වෙන්නෙත් ඉන්දියාවයි.

Engine එක  ගැන කතා කලොත් 313cc water cool, single-cylinder 4-stroke,four valves, two overhead camshafts, dry sump lubrication එන්ජින් එකක් තමයි BMW ලබා දි තියෙන්නේ.මේ එන්ජින් එක අපි නිතර දෙවේලේ දකින SOHC එන්ජින් එකක් නොවෙන නිසා අනික water cooling system එක නිසා ටිකක් නඩත්තු වියදම එහෙම වැඩ්යි නමුත් BMW එන්ජින් ලෙසියෙන් ලෙඩ දෙන්නෙ නැහැ..

මේ එන්ජින් එකෙන් ලැබෙන උපරිම බලය 33.6 BHP වෙන අතර 0-60kmph වේගයට ලගා ව්මට තත්පර 3.0 හා 0-100 වේගයට තත්පර 6.6ක කාලයක් ගත වෙනවා.
ඒ වගේම top speed එක විදියට 144kmph ලෙස officially සදහන් වෙනවා.


ඊලගට බයික් එකේ clutch හා gear ගැන කතා කලොත් Multiple-disc clutch in oil bath, mechanically operated clutch එකක් ලබා දී තිබෙනවා තාක්ෂණය අතින් ඉහල clutch එකක් උනත් 1-3 අතර ගියර් අතර යම් ගියර් හිර වීමක් අඩු RPM එකකදි එන්ජින් එක නතර වීමක් වගේ කාරනා වලට මුහුණ දීමට සිදුවූ බව bike එක ride කරපු ridersල සදහන් කරලා තිබෙනවා. තවද මේ clutch එක නඩත්තු වියදම් වැඩ්‍ වගේම වැඩි අවධානයක් service එකේදී clutch එකට දෙන්න වෙනවා.ඒ වගේම 6 speed gear box එකක් දැකගන්න ලැබෙනවා.මෙ වගේ engine capacity එකකට හොද riding experience එකක් දෙන්න නම් කොහොමත් gear 6 අත්‍යවශ්‍යයි.

මේ බයික් එකට BMW Electronic fuel injection, BMS-E2 system එකක් ලබා දී තිබෙනවා.මේ බයික් එක KTM duke 390 එකට වඩා ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි අතර ලීටර් එකකින් 30km වගේ ධාවනයට ඉඩ ලැබෙනවා.කෙසේ වෙතත් naked sports catogory එකේ බයික් එකක් උන මේ බයික් එකෙන් ඊට වඩා හොද ඉන්ධන කාර්යක්ෂමතාව ලබාගන්න ලැබෙන්නේ නෑ.
Liter 11ක ඉන්ධන ටැංකියක් මේ බයික් එක සතු අතර reserve විදියට ලීටර් 1ක් පමණක් ගබඩා වෙනවා.
මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාව හා capacity එකත් එක්ක බැලුවම අවම වශයෙන් 12L 13L fuel tank එකක් සමග 2.5L reserve capacity එකක් තිබ්බ නම් මීටත් වඩා හොදයි කියන එකයි මගේ මතය.

මේ බයික් එකේ meter panel එක ගැන කතා කලොත් fully digital LED meter එකක් දැකගන්න ලැබෙන්නේ මේ බයික් එකත් එක්ක තරගෙට ඉන්න KTM duke 390 වගේ බයික්ස් වල තිබෙන TFT blutooth meter එකක් දැකගන්න ලැබෙන්නේ නෑ.මීට හෙතුව විදියට cost එක අඩු කරගැනීම ප්‍රධානම හෙතුවක් වෙන්න ඇති දැනටත් මේ බයික් එකෙ නියම වී ඇති මිල ktm duke එකට වඩා ඉන්දියානු රුපියක් 30000කින් විතර වැඩියි.
මේ meter එකේ features ගැන කතා කලොත් speed,rpm,fuel,mileage,time,date,trip,avarage speed,gear position  වගේ දේ පෙන්නුම් කරන අතර engine temperature  වගේ දේත් පෙන්නුම් කරන්වා.meter panal එකෙ ඇති light indicators මගින් ABS,low oil warning,service reminder වගේ දේත් පෙන්නුම් කරනවා.

Frame එක ගැන කතා කලොත් tubular-steel frame එකක් ලබා දී තිබෙන අතර bmw 1000rr වගේ බයික් වල තිබෙන තරම් ස්තාවර භාවයක් මේ චැසි එක තුල නැති බව හා RPM 8000 පසුව පමණ දනහිස් හා පාදයේ යට කොටස vibration වෙන බව ridersලා පවසනවා එයට හේතු ලෙස දක්වන්නේ මේ බයික් එක low cost එකට නිපදවීම හා TVS වගේ indian company එකක් මේ බයික් එක එකලැස් කරන එක කියලයි කියන්නේ.(1000 පදින සුද්දොන්ට ඕක මදි තමා කොහොමත්.)
නමුත් overall ඕනේම height එකක කෙනෙක්ට සුවපහසු ධාවනයට වගේම traffic සහිත නගර වල ධාවනයටත් මේ බයික් එක හොදයි කියලත් ඔවුන් සදහන් වගේම indian market එකට ගැලපෙන bike එකක් කියලා ඔවුන් පවසනවා ( ඒ කියන්නේ මෙහෙටත් හොදයි)

ඒ වගේම මුලු බර විදියට 143KG තමයි සදහන් වෙන්නේ ඒ කියන්නේ මේ බයික් එකෙ එන්ජින් capacity එකත් එක්ක සෑහෙන්න lite weight එකක් එහෙම කරන්න ඇත්තෙ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරන්න හා හොද වේගයක් ලබා ගැනිමට වෙන්න ඇති.

Suspension ගැන කතා කලොත් ඉදිපස Upside down fork , Ø 41 mm හා පසුපස monoshock භාවිතා කර තිබෙන අතර ඇලුමිනියම් swing arm එකක් යොදාගෙන තිබෙනවා. එමෙන්ම ලෝකප්‍රකට KYB සමාගම විසින් මේ bike එකට මේ suspension system එක ලබා දී තිබෙනවා bike විතරක් නෙවෙයි කාර් වලටත් suspension හදන KYB නිසා මේ බයික් එකට ඕනේම පාරක ඉතාම සුවපහසුව බයික් එකට වත් riderට වත් අපහසුවක් නොවෙන්න හානියක් නොවෙන්න ගමන් කිරීමේ ඉඩ ලැබී තිබෙනවා.

Breaks ගැන කතා කලොත් ඉදිරිපස Single disc, diameter 300 mm, 4-piston fixed caliper, radially bolted පසුපස Single disc, diameter 240 mm, single-piston floating caliper යොදාගෙන තිබෙනවා බැලූ බැල්මටම පේනවනේ disc දෙකම විශාලයි බයික් එකේ පිටිපස disc එක දැනට ලංකාවේ  වෙලදපොලේ තිබෙන commuter bike එකක ඉදිරිපස disc එකට වඩා ප්‍රමාණයෙන් විශාලයි ඒ වගේම තව කරුනක් සදහන් කලොත් මේ break නිශ්පාදනය කරලා තියෙන්නේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන brembo breaks නමුත් මේ breaks ඉතාලියෙන් ආනයන නොකොට ඉන්දියාවේම නිර්මාණය කර ඇති බවටයි සදහන් වෙන්නේ(cost එක අඩු කරන්න) ඉන්දියාවේ හැදුවත් brembo brand එකට හානියක් නොවෙන්න නිපදවලා තියෙනවා කියලත් සදහන් වෙනවා. ඒ වගේම මේ බයික් එකට BMW Motorrad ABS system එක ලබා දී තිබෙනවා මේ නිසා ඉතාම ආරක්ෂාකාරීව ඕනෑම මතුපිටක ඕනෑම කාලගුණයක් තුලදී ඕනෑම වේගයකින් පැම්න තිරිංග යෙදීමකදි ඉතා ආරක්ෂාකාරීව බයික් එක නවතවා ගත හැකී.(rider ගේ දක්ශතාවයත් බලපානවා)

Tyre ගැන කතා කලොත් ඉදිරිපස 110/70 R17(tubeless) හා පසුපස 150/60 R17(tubeless) එකක් ලබා දී තිබෙනවා. ඒ වගේම tyre නිශ්පාදකයන් අතර ඉහලම තැනක ඉන්න Michelin සමාගම විසින් tyre නිශ්පාදනය කරනවා.නමුත් මේ ටයර් එකත් ප්‍රංශයේ නිශ්පාදනය නොකොට ඉන්දියාවේ දී නිශ්පාදනය වෙන බවටයි සදහන් වෙන්නේ(cost එක අඩු කරන්න පුලුවන් හැම දේම කරලා) කෙසේ වෙතත් මේ පුළුල් ටයර් නිසා ස්තාවර ධාවනයක් හොද පාලනයක් මෙන්ම ඕනෑම මාර්ගයක ආරක්ෂාකාරී ධාවනයට ඉඩ ලැබෙනවා.

ඒවගේම අගල් 17ක ඇලුමිනියම් රිම් දෙකක් යොදාගෙන තිබෙනවා.

ඊලගට lighting ගැන කතා කලොත් H4 12V 60/55W AHO headlamp එකක් හා LED signal haa tail light එකක් ලබා දී තිබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක් නිපදවීමට හේතු හා තවත් කරුණු කීපයක් සදහන් කරන්නම්.
BMW මේ වගේ පොඩි බයික් එකක් හදන්න තීරනය කරන්නේ european countries වලට වඩා ඉන්දියාව වගේ ආසියානු රටවල් වල bike market එක අල්ලන්න KTM duke 390,Kawasaki ninja 300, benelli TNT300,Bajaj dominar 400,mahindra mojo 300 වගේ බයික්ස් එක්ක තරගයට තමයි මේ බයික් එක එන්නෙ කෙසේ වෙතත් මේ බයික්ස් වලින් සැබෑවටම මේ බයික් එකට තරගයක් හා අහියෝගයක් වෙන්නේ KTM duke 390 තමයි.
ඉහත සදහන් කරපු හැම බයික් එකකටම වඩා මිල වැඩි බවත් KTM duke හී මෙන් advanced meter panal එකක් එහෙම නැති නිසාත් මේ බයික් එක සාර්ථකත්ව අලෙවි වේදො කියන ගැටලුවක් ආවත් BMW බයික් එකක් පදින්න ආසවෙන් ඉන්න තමන් පදින brand එක වෙනස් කරන්න ඉන්න තරුණ ප්‍රජාව බොහෝ දුරට මේ bike එකත් එක්ක බැදෙයි කියලා අපිට හිතන්න පුලුවන්.මේ වෙද්දි ඉතා සීමිත බයික්ස් ප්‍රමාණයක් නිශ්පාදනය කර ඇති අතර ඒ සියල්ලම අලෙවි වි අවසන් 2018 වසර් ආරම්භයේ බොහෝ දුරට මහා පරිමාණයෙන් මේ බයික් එකේ නිශ්පාදනය පටන් ගැනීමට ඉඩ තිබෙනවා.

ඒවගේම BMW310GS යන නමින් adventure bike එකක් නිර්මාණය කිරීමටත් දැන් TVS BMW සැලසුම් කරන්‍ යනවා.මේ බයික් එක නිශ්පාදනය ඇරඹුනාම බොහො දුරට 2019 වසරේ පමණ ලංකාවේත් දැකගැන්නිමට ඉඩ තිබෙනවා මොකද bajaj auto එකේ KTM එක DPMC ආනයනය කරනවා වගේම TVS BMW බයික් බොහෝ දුරට AMW එකෙන් ආනයන කිරීමට ඉඩ ඇති නිසයි.මේ බයික් එක ලංකාවට ආවොත් ලක්ශ 10-13ත් පමණ අතර මුදලක් විය හැකි.

පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහසක් ගන්න අපේ Fb page එකට ඔබේ යෝජනා හා චෝදනා යොමු කරන්න.අපේ fb page එකට like එකක් දාල insta page එක follow කරලා සප් එකක් දෙන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©





No comments:

Post a Comment