ජපානෙන් ලංකාවට එන LEGAL වණ්ඩිය CB400 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, August 17, 2017

ජපානෙන් ලංකාවට එන LEGAL වණ්ඩිය CB400


අද අපි කතාකරන්න set වුනේ ලංකාවේ legally register කරන්න පුලුවන් powerful ම බයික් එක ගැන. එහෙම කිව්වම කවුරුත් දන්නවනෙ මොකක්ද වණ්ඩිය කියලා . CB400sf දන්න කට්ටිය දන්නවනේ යකාගේ තරම එත් අපි මේක ලියන්නේ නොදන්න කට්ටියට දැන ගන්න.

දැන් අපි මේ බයික් එකේ engine එක ගැන පොඩ්ඩක් කතා කරමු


  • මේ බයික් එක cylinder 4 , 399 CC engine capacity එකකින් සහා liquid cooling system එකකින් සමන්විත වෙලා තියෙනවා.මේක නිසා ගොඩක් දුර ගමන් වලදී Engine එක over heat වෙන එක ගොඩක් අඩු වෙනවා. බයික් එකෙන් නිකුත් කරන වැඩිම output එක 52.30hp. මේ බයික් එකේ fuel system එක fuel injection/carburettor  වලින් සමන්විත වෙලා තියෙනවා. තවදුරටත් engine එක ගැන කතා කලොතින් 6 speed gear box එකකින් සහා wet multiplate clutch එකකින් සමන්විත වෙලා තියෙනවා


මේ බයික් එකේ chassi එක ගැන කතාකලොත් මේකට ලබා දීලා තියෙන්නෙ double cradle chassi එකක්. එකෙන් මේ බයික් එකේ ටිකක් ලොකු rpm වල ගමන් කරද්දී බයික් එක දෙදරන එක ගොඩක් අඩු කරගන්න පුලුවන් වෙලා තියෙනව. බයික් එකක තවත් වැදගත් අන්ගයක් වන breaks ගැනත් honda එකෙන් ලොකු අවදානයක් දීලා තියෙනවා. Front breaks ගැන කතාකලොත් 285mm double disk එකක් ලබාදීලා තිබෙනවා. Rear breaks වලටත් 235mm single disk එකක් ලබාදීලා තියෙනවා. එත් එක්කම front tyre eka 120/60 සයිස් එකෙන් සහා rear tyre එක 160/60 සයිස් එකෙන් ලබාදීලා තියෙනවා. මේකෙන් ලොකු speed එකක ගමන් කරද්දි වුනත් හොද handling එකක් වගේම comfortable ride එකක් යන්න rider ට හැකියාව ලැබෙනවා. මේ බයික් එකේ liquid cooling system එක තියෙන නිසා maintenance වලදි oil cooled සහා air cooled engine වලට සාපේක්ෂව වැඩි මුදලක් වැය වෙනවා

දැන් අපි මේ බයික් එකෙ ඉතිහාසය ගැන බලමු. මේ බයික් එක මුලින්ම ජපනේ release කලේ 1992. එදා ඉදන් අද වෙනකන් මේ බයික් එක මාර්කට් එක අල්ලගෙන ඉන්න පුලුවන් වෙලා තියෙනවා. මේ බයික් එකේ මුලින්ම එන්නේ එහ් කාලේ තිබ්බ CBR400RR එකේ Engine එකට සමාන engine එකකින්.

1992 - 1999 CB400sf
මේ අවුරුදු වල හදපු cb400sf එකේ තිබ්බේ පොඩි පොඩි වෙනස්කම් කරපු cbr400rr එකේ engine එකමයි. 1999 පස්සෙ ගහපු බයික් වල ඉදන් මෙගොල්ලො ගොඩක් වෙනස්කම් කරලා අලුත්ම engine එකකින් බයික් එක release කරනවා

1999 - 2002 HONDA CB400 VTEC spec I

මේ අවුරුද්දේ තමයි මේගොල්ලො engine එකට VTEC කියන option එක එකතු කරලා වෙලදපොලට නිකුත් කරන්නෙ. මේ engine එකේදි fuel efficiency එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනව කලින් version එකට වඩා.

2002 - 2003 HONDA CB400 VTEC spec II
මේ version එකේදි මේගොල්ලෝ ලොකු වෙනස්කමක් engine එකට සිදුකරලා තියෙනවා එහ් තමයි මෙතෙක් නිපදවූ බයික් වල vtec on වන්නේ 7000rpm වලදි වගේ. නමුත් මේ version එකේ ඉදන් 1-6 දක්වා gear වලදි 6300 rpm range එක පහු කරපු ගමන් vtec on වෙනවා. තවත් මේකේ meeter panel එකේ සුලු සුලු වෙනස්කම් ටිකක් සිදුවෙනවා.

2003 - 2007 HONDA CB400 VTEC spec III

මේ version එකේදි තවත් සුලු සුලු වෙනස් කම් ටිකක් සිදු වෙලා තියෙනවා. කලින් version එකේ තිබ්බ vtec system එක පොඩ්ඩක් වෙනස් වෙලා 1-5 gears වලදී 6300rpm සහා 6th gear එකේදී 6750rpm වලදී vtec on වන ලෙස වැඩිදියුණු කරලා තියෙනවා. තව seat hight එක සුලු වශයෙන් කොට කරලා තියෙනවා. තව led tail light එකකුත් එකතු කරලා තියෙනවා. මේ version එකේ naked model එක සහා faired version එකකින් ලබා ගන්න පුලුවන්

2008 - අද දක්වා CB400 REVOLUTION

මේ version එකේ ඉදන් ABS ( antilock breaking system ) option එකක් හැටියට ලබාගන්න පුලුවන්. මේකෙදිත් engine එක පොඩ්ඩක් වැඩිදියුණු කරලා තමයි නිපදවලා තියෙන්නේ. මේකෙදි තමයි මේ බයික් එකට fuel injecting system එක හදුන්වලා දිලා තියෙන්නේ. මේ version එකේදිත් naked සහා faired වශයෙන් ලබාගන්න පුලුවන්.

මේ බයික් එකේ price එක Rs. 1,000,000 ක් වගේ වෙනවා original 400cc register කරපු එකක්. Version එකෙන් version එකට price එක පොඩ්ඩක් වෙනස් වෙනවා 250cc registerd එකක් නම් හොයාගන්න පුලුවන් වෙයි 3-4 වගේ ගානකට.

දැනට නම් ලංකාවේ ටිකක් අඩුවෙන් බලාගන්න තියෙන බයික් එකක් වුනත්. ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ බයික් එකක්. ලංකාවේ බලාගන්න තියෙන ගොඩක් cb4 250 registe කරපුවා. ඉස්සර නම් එහ් වගෙ register කරපුවට එච්චර අවුලක් තිබුණේ නෑ එත් දැන් නම් ටිකක් අවුල්.

උපරිම වේගය විදියට නිසි නඩත්තුව සහිත බයික් එකක නම් 180-190kmph වේගයක් හා නැත්නම් 170kmph වේගයක් ලබා ගන්නත් පුලුවන් Fi version එකේදී ඉතා හොද fuel efficiency එකක් 25-30km අතර දුර ධාවනය කරන්න ලැබුනත් carburettor verion bikes වල නම් 20 වැනි fuel efficiency එකක් ලැබෙන්නේ හරියට carb tuning එකක් ලබා දුන්නොත් 25 විතර බලා ගත හැකි අතර maintaince පහු කලොත් 15ක් වගේ fuel efficiency එකක් තමා ලබා ගන්න වෙන්නේ.

මේකේ අවාසි විදියට අඩු ඉන්ධන කාර්යක්ෂමතාව නඩත්තු වියදම් අධික බව ලියාපදිංචිය කිරීමේ අපහසුතා වගේ දේවල් පෙන්නුම් කරන්න පුලුවන්.

අවසානයේ photos ඇති බලල අදහසක් ගන්න බොහොම ස්තූති අපේ බ්ලොග් එකත් එක්ක සෙට් වෙලා ඉන්න වැරදි අඩුපාඩු ගැටලු යෝජනා චෝදනා අපේ Facebook page එකට එවන්න. Facebook page එකට like කරලා share කරලා වණ්ඩි එක්ක සෙට් වෙලා ඉන්න.

කරුණාකර මෙහි ඇති කරුණු හෝ චාජාරූප අවසරයකින් තොරව සමාජ ජාල තුල ප්‍රචාරය කිරිමෙන් වලකින්න එසේ කරන අයෙකු වෙතොත් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පැවරීමේ හැකියාව ඇත.


Wandi - වණ්ඩි© 






No comments:

Post a Comment