GSXR බාල පුතා Gixxer 155GS - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Monday, August 21, 2017

GSXR බාල පුතා Gixxer 155GS


අද මාතෘකාව Suzuki Gixxer 155GS බයික් එක ගැන කතා කරන්න කලින් පොඩි හැදින්වීමක් කරන්නම් Suzuki India ගැනත් මේ බයික් එකත් Honda Bikes වගේම ජපන් තාක්ෂණය යටතේ සම්පූර්ණ ජපන් අධීක්ෂණය යටතේ ඉන්දියාවේදි එකලස් කරන(Assembled) කරන බයික් එකක් එහෙම කරන්නෙ ජපානෙන් කෙලින්ම මේ බයික් එක ගෙන්නලා දකුණු ආසියාතික රට වල බෙදා හරින්න ගියොත් ලොකු පිරිවැයක් සහ බදු මුදලක් ගෙවීමට සිදු වෙන නිසයි.

Engine එකෙන්ම පටන් ගමු. මේ බයික් එක 154.9cc 4-stroke, 1-cylinder, air-cooled, 2 valve එන්ජින් එකකින් තමයි බල ගැන්විල තියෙනේ.මේ එන්ජින් එකෙන් ලැබෙන Max output එක 14.6 BHP වෙනවා ඒ කියන්නේ Hornet 160 එකට සාපේක්ශව නම් HP අඩුයි කියන එකයි.ඒ වගේම මේ bike එකට 0-60kmph වේගයක් ගන්න තප්පර 5.85 කාලයක් සහ 0-100 වේගයක් ගන්න තප්පර  15.5ක කාලයක් ගත වෙනවා ඒ අනුව 160 Hornet එකට සාපේක්ෂව නම් තප්පර 0.6 වගේ කාලය  අඩුවකින් 0-100KMPH වේගය Gixxer එකට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. top speed විදියට 115Kmph වේගයක් ලබා ගැනීමේ හැකියාවත් මේ එන්ජින් එක සතුයි.

තවත් ඉදිරියට මේ බයික් එක ගැන කතා කලොත් වේග 5ක ගියර් පද්ධතියක් වගේම සුපුරුදු Wet multi-plate clutch එකක බලා ගන්න පුලුවන්.

  1. මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කලොත් Fuel system එක විදියට Carburettor තමයි භාවිතා වෙන්නේ.ඒ නිසා Fuel Injection fz16 2.0 එකට සාපේක්ෂව නම් මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයි ලීටරයකින් 35- 40km වගේ තමයි ධාවනය කරන්න ලැබෙන්නේ නමුත් gixxer සහ Hornet 160 වගේ carburettor system තියෙන බයික්ස් වල maintaince වලදි fuel injection system එකට වඩා වියදම නම් අඩුයි.(fuel injection, Carburettor වලට සාපේක්ෂව ලෙඩ දෙනවා වැඩී වගේම ලෙඩ හදන්න වියදමත් වැඩී)

මේ bike එකේ fuel tank එක විදියට ලීටර 12ක ටැංකියක් ලබා දීලා තියෙනවා.
මේ බයික් එකේ මුලු බර විදියට 135KG තමයි සඳගන් වෙන්නේ.

තවත් විශේෂාංග කීපයක් ගැන අවධානය දීලා බැලුවොත් මේ බයික් එකටත් fully digital meter panal එකක් ලබා දීලා තියෙනවා මේ meter එක මගින් speed,rpm,millage,trip,time,fule සහ තවත් සුවිශේෂී කොටසක් ලබා දීලා තියෙනවා ඒ තමයි gear position එක ලංකාවේ brand new market එකේ ගියර් position පෙන්නුම් කරන bikes අතලොස්ස අතරට Suzuki Gixxer එකත් එකතු වෙනවා ඒ වගේම මේ බයික් එකත් එක්ක ගේමට ආව Hornet 160 FZ 2.0 bike වල විතරක් නෙමෙයි high range එකේ ඉන්න Pulsar 200NS 2017 එකේ වත් gear position පෙන්නුම් කරන්නේ නෑ.මේ gear position එක meter එක තුල පෙන්නුම් කිරීම.ඉස්ස ඉස්සෙල්ලාම bike ride කරන කෙනෙක්ට වගේම ඕනේම කෙනෙක්ට ලොකු උපකාරයක් වෙනවා.traffic riding වලදි එහෙම.
ඒ වගේම Honda hornet එකේ නැති engine kill switch එක මේ බයික් එකේ දැකගන්න ලැබෙනවා ඒ කියන්නේ ඉතින් ලොකු traffic එකකදි එහෙම Engine එක ලේසියෙන් off කරල standby තියාගන්න පුලුවන් වෙනවා ඒකෙන් දුර ගමනකදි engine overheat වෙන එක වගේම අනවශ්‍ය ලෙස ඉන්ධන දහනයත් පාලනය කරගන්න ලැබෙනවා.hornet එකේ වගේම මේ බයික් එකෙත් kik start එකකුත් බලා ගන්න පුලුවන්.
ඒ වගේම මේ බයික් එකෙත් කට දෙකේ සයිලන්සරයක් භාවිතා කරලා තියෙනවා.මේ මගින් ආකර්ශනීය පෙනුමක් වගේම හොද beat එකක් ලැබෙනවා.

ඊලගට frame සහ suspension ගැන කතා කරමු.
මේ බයික් එකේ frame එක විදියට Diamond frame එක යොදාගෙන තියෙනවා. TVS,Bajaj වගේ බයික් වල සාපේක්ෂව චැසි එක දෙදරීම් අඩුයි Traffic riding වලදී නම් honda hornet වගේ බයික් එකට කිට්ටු කරන්න වත් බැරි වෙයි මොකද මේ seat height එකයි bike එකෙ අනෙකුත් mesurements නිසයි අස්සෙන් මුල්ලෙන් යන එක බොහොම පහසුයි.නමුත් ටික ස්ථූල(මහත) rider කෙනෙක්ට නම් මේ bike එක ගැලපෙන්නේ නැහැ.මොකද Honda hornet 160 එකට සාපේක්ෂව seat එක ප්‍රමානයෙන් කුඩා වගේම passenger ටත් දුගු ගමනකදී යම් අපහසුතාවයක් කොන්දට සහ දනහිස් වලට දැන්න ඉඩ තියෙනවා.

Suspension විදියට ඉදිරිපස telescopic Shockabsorber සහ පිටුපස Monoshock ලබා දීලා තියෙනවා.

දැන් Breaking සහ tyre කතා කරමු.
මේ බයික් එකත් Hornet 160 වගේම single disc සහ double disc මාදිලි ලෙස මාදිලි දෙකකින් තමයි වෙලඳපොලට එන්නේ.
Single disc මාදිලියේදි ඉදිරිපස 266mm Disc hydraulic disc break එකක් වගේම පිටුපස
130mm Drum ලෙස නිමවෙලා තියෙනවා.
Double disc මාදිලියේදී ඉදිරිපස 266mm Disc hydraulic disc break සහ පිටුපස 240mm disc බ්‍රේක් එකක් දැකගන්න ලැබෙනවා. hornet 160 එකට සාපේක්ශව මේ බයික් එකෙ disc එක තරමක් ප්‍රමානයෙන් කුඩායි.
දැන් tyre ගැන කතා කරමු.
ඉදිරිපස 100/80-17 (tubeless) පිටුපස 140/60-17 (tubeless) සමග alloy wheel rim එකක් ලබා දීලා තියෙනවා දෙපසටම.මේ tyre ප්‍රමාණය ගැන කතා කලොත් hornet160 සාපේක්ශව සිහින් අතර යම්තාක් දුරට හදිසි තිරිංග(breaks) යෙදීමකදි අස්ථාවර බවක් හා ලිස්සා යාමක් වීමට මෙන්ම 80kmph ඉහල වේගයකින් ගමන් කිරීමේදි යම් ඝර්ෂණ  අවම බවක් දැනීමට ඉඩ තිබෙනවා.

Lighting ගැන කතා කලොත් headlight එක විදියට 12V 35/35W (AHO) head එකක් ලබා දීලා තිබෙනවා.මෙය බොහොම සමානකම් දක්වනවා hornet160 head එකට ඒ වගේම LED Tail light එකකුත් යොදාගෙන තියෙනවා

මේ බයික් එකත් sports commuter කාණ්ඩයේ bike එකක්  FZ,FZS සහ Fazer එකට තරගයක් එල්ල කිරීම suzuki යම්තාක් දුරට මේ බයික් එකෙන් සමත් උනත් කාලයත් සමග Honda Hornet160R සහ pulsar 150AS release වීමත් එක පොඩි පසු බෑමකට ලක් වෙනවා.නමුත් double disc modle එකත් එක්ක බොහොම හොදින් market එක අල්ලන මේ බයික් එක මේ වෙද්දි ඉන්දියාවේ වගේම ලංකාවෙත් හොද අලෙවියක් පෙන්නුම් කරන bike එක මේ බයික් එකෙත් කියන්න ලොකු වරදක් නැති උනත් උස මහත කෙනෙක්ට වගේම long rides යන rider කෙනෙක්ට මේ බයික් එක එච්චර හොද ගැලපීමක් නෑ. ඒ වගේම Fz16 2.0 Honda Hornet160r වගේ බයික් වල පෙනුම එක්ක සන්සන්දනය කරද්දි මේ බයික් එකේ හිස් ගතියක් හා කුඩා බවක් බොහෝ විට පෙන්නුම් කරනවා.proforments අතින් ලොකු වරදක් අඩුවක් නැතත් මේ බයික් එකේ පෙනුම නිසා ලංකාවේ market එක අද Honda FZ16 2.0 හා Honda hornet 160r අතට අරන් තියෙනවා.මේ bike එකේ මිල විදියට  396,900 මුදලක් සදහන් කරන්න පුලුවන් ඒ කියන්නේ fz සහ hornet එකට වඩා මිල යම් ප්‍රමාණයකින් අඩුයි.නමුත් තමුන්ගේ පුද්ගලික කැමැත්ත අනුව bike එක තෝරා ගැනීම ඒ ඒ පුද්ගලයාට බාරයි.. wandi අපි කරන්නේ මේ bikes වල ගුණ අගුණ කියන එක විතරයි.අවසාන වශයෙන් පෝස්ට් එක යට photos බලලා bike එක ගැන අදහසක් ගන්න.ස්තූති.

කරුණාකර මෙහි ඇති කරුණු හෝ චායාරූප අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න එසේ කරන අයෙකු වෙතොත් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පැවරීමේ හැකියාව ඇත.

Wandi - වණ්ඩි©







No comments:

Post a Comment