කෝටි 2යි රොද 2යි Ducati Superleggera 1299 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, August 27, 2017

කෝටි 2යි රොද 2යි Ducati Superleggera 1299

කොහොමද ඉතින් කට්ටියටම අද අපි කතා කරන්න සෙට් වුනේ ලංකාවේ නම් කවදාවත් දකින්න හම්බ වෙන්නෙ නැති බයික් එකක් ගැන. එකට ලොකුම හේතුව තමයි මේ බයික් එකේ මිල. මේකේ ගානත් පල්ලෙහායින් දාන්නම්කෝ දැන් බයික් එක ගැන කතා කරමු

මුලින්ම අපි design එකෙන්ම පටන් ගමු. මේකේ design එක ගැන කතාකලොත් carbon fiber වලින් සැදුනු fairing එක, carbon fiber වලින් සැදුනු chassis එක,
Carbon fiber වලින් සැදුනු swing arm එක, titanium suspension වගේ ගොඩක් බරින් අඩු දේවල් යොදාගෙන තියෙනවා බයික් එක නිපදවන්න. හරියටම කිව්වොත් මේ බයික් එකේ බාගෙට බාගයක්ම carbon fiber කිව්වොත් නිවැරදි. මොකද කිව්වොත් මේකේ rim පවා නිපදවලා තියෙන්නේ carbon fiber වලින්. එහෙම carbon fiber යොදා ගත්ත එකේන් වාසි ගොඩක්ම ලැබිලා තියෙනවා. කලින් නිපදවන ලද ducati panigal එකට වඩා 5kg බරින් අඩු වීම ලොකු වේගයකදී වුනත් බයික් එක හොද balance එකක රදවා ගැනීමේ හැකියාව වගේ වාසි ගොඩක් ලැබිලා තියෙනවා. මේ බයික් එකේ look එක ඉස්සරහින් බැලුවොත් යකෙක් වගේ. ඕන කෙනෙක් දන්නවනේ ඉතින් ducati කිව්වම යක්කු තමයි කියලා 😂

දැන් අපි මේකේ engine එක ගැන කතා කරමු. මේ බයික් එක 1985cc, liquid cooling, 2 cylinder engine එකකින් තමයි සමන්විත වෙන්නෙ. Gear 6 කින් සමන්විත වෙන මේ බයික් එකේ fuel system එකට යොදාගෙන තියෙන්නේ mitsubishi fuel injecting system එකක්. එහ් වගේම 215Hp ප්‍රමාණයක් තමයි බයික් එකේ වැඩිම power output එක ලෙස සදහන් වෙන්නෙ. sliper clutch එකක් මේ බයික් එකට යොදාගෙන තියෙන නිසා හොද control එකක් ලැබෙනවා. මේ බයික් එකේ engine එක ඇතුලත ගැන කතාකලොත් මේ engine එකේ valves සහා connecting rods නිපදවලා තියෙන්නේ titanium වලින්. මේකට හේතුව වන්නේ මන් කලින් සදහන් කරපු හේතුව තමයි. මේ වගේ ගොඩක් බරින් අඩු නිසා මේ බයික් එකේ power to rate එක bugatti veyron එකකට සමාන වෙනවා. එහ් වගේම ලීටර 17 ක ඇලුමිනියම් වලින් නිපදවන ලද ඉන්දන ටැංකියකින් සමන්විත වෙනවා.මේ බයික් එකේ ටොප් speed එක 300+kmph ලෙස සදහන් වෙනවා

මේ බයික් එකේ breaks ගැන කතාකලොත් front breaks 330mm disk දෙකකින් සහා rear breaks 245mm disk එකකින් සමන්විත වෙනවා. එහ් වගේම මේ බයික් එකේ විශේෂයෙන්ම ඇතුලත් කරපු දෙයක් තමයි conering abs. තවත් මේ බයික් එකේ ආරක්ෂාව පැත්ත ගැන හිතලා engine break control වගේ දේවල් මේ බයික් එකට add කරලා තියෙනවා. සමහරු කියනවනේ මේ engine breaks බයික් එකට හොද නෑ කියලා. එහෙම නම් ducati එකෙන් මේ වගේ දෙයක් බයික් එකකට කොහෙත්ම add කරන්නෙ නැනේ. එහ් වගේම suspension ගැන කතා කලොතින් front 43mm USD ( up side down ) shock වලින් සහා rear single shock එකකින් සමන්විත වෙනවා. මේවායේ විශේෂත්වය නම් මේ දෙකම fully adjustable shocks වීමයි. එහ් වගේම rear suspension එකේ spring එක නිපදවලා තියෙන්නේ titanium වලින්. මේ බයික් එකේ front tyre එක 120/70 සහ rear tyre එක 200/55 size වලින් සමන්විත වෙනවා.

තවදුරටත් මේ බයික් එකේ විශේෂාංග ගැන කතාකලොතින් ducati company එකෙන් මේ බයික් එකට සාමාන්‍ය බයික් එකක දැක ගන්න ලැබෙන්නේ නැති පොඩි වැඩ කිඩ ටිකක් add කරලා තියෙනවා. ඒවා ගැන සදහන් කලොතින් Ducati quick shift ( මේකෙන් සිදුවෙන්නේ clutch එක නැතුව gear එකක් මාරු කරද්දි හිරවෙන්නෙ ගැස්සෙන්නෙ නැති වෙන්න හදපු system එකක් ) , Ducati traction control ( මේ කෙන් සිදුවෙන්නේ වැස්ස දවසක එහෙමත් නැත්නම් නවලා වන්ගුවක් ගන්න වෙලාවක රොදේ ලිස්සලා යන්නෙ නැති වෙන්න හදලා තියෙන system එකක්) , Ducati wheelie control ( මේක නම් ගොඩක් දකින්න නැති අමුතුම දෙයක්. මේගොල්ලො add කරලා තියෙන්නේ stunt පාරක් දාලා බයික් එක බිම තියද්දි බයික් එකට හානියක් වෙන්නෙ නැති වෙන්න හදපු system එකක් ) , Engine breaks control ( මේක ගැන නම් උඩ සදහන් කලානේ. ) , Ducati data analyser ( මේකෙ නම් නම කියෙව්වත් තේරෙනවනේ ). එහ් වගේම මේ බයික් එකේ මීටර් බෝර්ඩ් එක tft display එකකින් සමන්විත වෙන්නේ. එහ් වගේම titanium akropovik double exhaust system එකකින් තමයි මේක සමන්විත වෙලා තියෙන්නේ. හිතා ගන්න පුලුවන් නේ සද්දේ.

තවත් වැදගත් කාරනයක් නම් ලෝකෙටම නිපදවලා තියෙන්නේ මේ බයික් 500යි. මේ 500යම මේ බයික් එක release කරල සුලු මොහොතක් ඇතුලත විකිනිලා අවසන් වීමයි.

එහ් වගේම මේ බයික් එකට වෙනම Track kit කියලා උපාංග ටිකක් ලැබෙනවා. Titanium racing exhaust, racing windshield, machined mirror block-off plates, license plate mount removal plug, side-stand removal kit, front and rear paddock stands, paddock bike cover. මේ තමයි එහ් උපාංග ටික.

දැන් ඉතින් අපිට කතා කරන්න තියෙන්නේ බයික් එකේ මිල ගැන. මේ බයික් එක ලංකාවේ රුපියල් වලින් ලක්ශ 268 ක් වෙනවා. එහ් වගේ මුදලකට ලංකාවේ බයික් එකක් ගන්න තරම් කට්ටිය ඉන්නවා කියල නම් හිතන්න අමාරුයි කොහොමත් ඉතින් මේ බයික් එක ගන්න නම් ආපහු ducati එකෙන් මේ වගේ බයික් එකක් නිපදවන කම් බලාගෙන ඉන්න වෙනවා මොකද මේ බයික් ඔක්කොම මේ වෙනකොටත් විකිනිලා අවසන් වීමයි. මේ බයික් එක මෙච්චර ලොකු ගානක් වෙන්න හේතුව තමයි carbon fiber , titanium වගේ ටිකක් මිල අදික දේවල් යොදාගෙන නිපදවා තිබීමයි. කවදාහරි දවසක ලංකාවේත් මේ වගේ බයික් දැක ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉට කලින් high capacity පදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු😕.

අවසානයේ photos ඇති බලල අදහසක් ගන්න බොහොම ස්තූති අපේ බ්ලොග් එකත් එක්ක සෙට් වෙලා ඉන්න වැරදි අඩුපාඩු ගැටලු යෝජනා චෝදනා අපේ Facebook page එකට එවන්න like කරලා share කරලා වණ්ඩි එක්ක සෙට් වෙලා ඉන්න.

කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©











No comments:

Post a Comment