KTM Duke 200 ගැන තේරෙන සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, September 2, 2017

KTM Duke 200 ගැන තේරෙන සිංහලෙන්

කොහොමද කට්ටිය ඉතින් අදත් අරන් ආවා දැනට පාර තොටේ ටිකක් අඩුවෙන් දැකගන්න ලැබෙන ඒත් 2018 විතර වෙද්දි ඉතාම සුලබ වෙන සුපිරි බයික් එකක් ගැන කතා කරන්න.
ඒ තමයි KTM Duke 200 කට්ටිය දන්නවා ඇතිනේ KTM ගැන දන්නේ නැති අයට දැනගන්න පොඩ් සටහනක් දාන්නම්. KTM කියන්නේ ගොඩාක් පරණ ඉතිහාසයක් තියෙන bike manufacturing Company එකක් 1934 වගේ තමයි Austria වල මේක පටන් ගන්නේ මේ වෙනකොට ඉතාම සාර්ථක තැනක ඉන්න KTM motorcross bikes,adventure bikes,sports bikes,naked streetfighter bike වගේ එක එක catagory වලින් සුපිරිම සුපිරි බයික්ස් ටිකක් release කරලා තියෙනවා. අපි අද කතා කරන්නෙත් අන්න ඒ KTM යටතේ එන Duke 200 ගැන මේ බයික් එක ඉන්දියාවේ දී තමා එකලැස් වෙන්නේ ඒ වෙන කොහෙවත් නෙමේ දැනට ලංකාවේ bike market එකේ වගේම india වෙත් උඩින්ම ඉන්න Bajaj Auto එකත් එක්ක එකතු වෙලයි. මවු සමාගමේ සම්පූරණ අධීක්ෂණය යටතේ මේ බයික් එක ඉන්දියවේදි එකලැස් වෙලා දකුණු ආසියාව පුරාවටම බෙදා හරිනවා.

දැන් ඉතින් එන්ජින් එක ගැන කතා කරමු.
මේ බයික් එකේ එන්ජින් එක විදියට 199.5cc single cylinder four-stroke 4 valve liquid cool එන්ජින් එකක් තමයි KTM ලබා දීලා තිබෙන්නේ.
ඒ වගේම මේ බයික් එකෙන් ලැබෙන උපරිම power output එක විදියට 25bhp ලැබෙනවා ඒ කියන්නේ 200NS එකට වඩා දශම ගානක වෙනසක්.ඒ වගේම මේ බයික් එකට 0-60 වේගයක් ගන්න තත්පර් 3.30 වගේ සුලු කාලයක් හා 0-100 වේගයක් ගන්න තත්පර 9.20 කාලයක් ගත වෙන්නේ.ඒ කාලය 200cc එන්ජින් එකක්ට සෑහෙන හොද කාලයක්.
ඒ වගේම top speed එක විදියට 136 kmph වේගයක් (officially) ලබා දී තිබෙනවා officially කියලා සදහන් කරන්න උනේ සමහර youtube videos වල මීට වඩා වේගයක් ගත්ත බයික්ස් තියෙනවා ඒ යම් යම් engine modification හා rider ගේ බර උස සුළගේ වේගය වගේ කරුණු අනුව සිද වෙන දෙයක් නිසයි.

ඊලගට මේ බයික් එකේ cooling system එක විදියට liquid cooling system එකක් ලබා දී තිබෙනවා.(ඒකේ වාසි අවාසි කලින් ලිපි කියෝපු අය දන්නවා නේ ඒ නිසා ආයි සදහනක් කරන්නෙ නෑ)

ඊලගට Gear හා clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා Wet Multi-disc Clutch එකක් යොදාගෙන තිබෙනවා. Gear 6කින් යුක්ත නිසා අවශ්‍ය පරිදි වේගය හොදින් පාලනය කරගෙන ගමන් කිරීමේ පහසුව හා මමත් පදින්නේ ගියර් 6 වණ්ඩියක් කියන ගැම්මත් rider ට ලබා දෙනවා.

ඒ වගේම naked කියන tag එකෙන් බයික් එකක් release කරනවා නම් මෑත කාලයේදී gear 6ක වේග පද්ධතියක් ගහට පොත්ත වගේ බොහෝ තරුණ පාරිභෝගිකයන් බලාපොරොත්තු වෙනවා.

තව දුරටත් කතා කරද්දි මේ බයික් එකේ ආරක්ෂාව ගැන සදහන් කලොත් සමහර බයික්ස් වල මෙන් හදිසි අනතුරකින් පසු බයික් එක එකම තැන රේස් වීමක් සිදු වෙන්නේ නෑ මොකද බයික් එක බිම ඝට්ටනය වූ සැනින එන්ජින් එක ක්‍රියා විරහිත වෙනවා. ඒ කිව්වේ rider සුලු හෝ අනතුරකට ලක් වෙලා බයික් එකෙන් ඉවතට ගියොත් බයික් එක බිම වැටුනම රේස් විමක් සිදු වෙන්නේ නෑ ඒ නිසා engine එකේ අභ්‍යන්තරයට හා අනෙකුත් උපාංග වලට සිදුවිය හැකි හානි අවම කර ගත හැකී.(එන්ජින් එක හා ඒ ආශ්‍රිත කොටස්)

තවත් ඉස්සරහට කතා කලොත් මේ බයික් එකේ fuel system එක විදියට FI(fuel injection) යොදාගෙන තිබුනත් ලීටරයකින් 30-35km අතර දුරක් තමයි ධාවනය කරන්න ලැබෙන්නේ.

ඒ වගේම ලීටර 11ක ඉන්ධන ටැංකියක් හා මේ තුල ලීටර 2.5 reserve ප්‍රමාණයක් ගබඩා වෙනවා.

බයික් එකේ සම්පූරණ බර විදියට 136 kg තමයි සදහන් වෙන්නේ.

ඒ වගේම තවත් විශේෂාංග කීපයක් ගැන කතා කලොත් naked bike එකක තිබෙන්න ඕනේ හැම අංගයක්ම වගේ ඇතුලත් උන meter panal එක දැකගන්න ලැබෙනවා. මේ මීටර් එකේ speed,rpm,gear position indicator,fuel gage,battery percentage,trip,time වගේ මූලික කරුණු සියල්ලම පාහේ පෙන්නුම් කරන නිසා riderට ඒක බොහොම පහසුවක්. තවත් විශේෂ කරුණ සදහන් කලොත් meter එක on වූ සැනින් Ready to race (KTM තේමාව) සමග බයික් එකේ side stand ගහලා නම් ඒක මීටර් එක තුල පෙන්නුම් කරනවා ඒක stand එක අමතක වෙන අයට ලොකු උදව්වක්.
Gear position , battery pracentage වගේ දේවලුත් පෙන්නුම් කරන නිසා මේ බයික් එකත් එක ගේමට ඉන්න 200ns 200 RTR 4V වගෙ බයික්ස් පොඩ්ඩක් පස්සට යනවා.

ඊ ලගට මේ බයික් එකෙත් exhaust system එක ගැන කතා කලොත් under belly exhaust එකක් තමා දැකගන්න ලැබෙන්නේ ඒ කියන්නෙ බයික් එක යට තමා සයිලන්සරය පිහිටන්නේ. මේ බයික් එකේ බයික් එකටම ආවේනික ඉතාම sporty හා කැපි පෙනෙන exhaust එකක් තියෙනවා එත් සමහර අය මේ exhaust sound  එක ගැන එච්චර ප්‍රසාදයක් දක්වන්නේ නෑ (decent මදි ලු)

තව දුරටත් කතා කරද්දි මේ බයික් එකෙත් engine kill switch දැකගන්න ලැබෙන අතර ඒ නිසා පහසුවෙන් අවශ්‍ය විට එන්ජින් එක ක්‍රියාවිරහිත කර තියාගන්න පුලුවන් ලොකු ට්‍රැෆික් එකකදි වගේ.ඒ වගේම මේ බයික් එකේ එන්ජින් එක හා exhaust system එක නිසා තුම් මුලස් පත්තු කරන්වා මෙන් backfire ඇති කිරීමටත් මේක ලොකු උපකාරයක් (ඉදල හිටල ඇඩ් එකක් දැම්මට කමක් නෑ හැම වෙලේම කරලා එන්ජින් එක නාස්ති කරගන්න එපා backfire කියන්නේ Fuel system එකටයි එන්ජින් එකටයි හොදම නැති දෙයක්.)

ඊලගට frame එක ගැන කතා කරමු මේ bike එකේ frame(chassi) එක විදියට KTM ලබා දීලා තියෙන්නේ Steel Trellis Frame, Powder Coated frame එකක් මේ ෆ්‍රේම් එක බොහෝ දුරට KTM එකට ආවේනික උන frame එකක් මේ frame එක වෙන frame වලට සාපේක්ෂව විශාල ඝට්ටන වලට හොදින් ඔරොත්තු දෙනවා මොකද වෙන chassi වල මෙන් තනි frame එකක් භාවිතා නොකර තැනින් තැන කොටස් එකතු කර නිපදවා ඇති නිසයි මේ නිසා එක කොටසකට දැනෙන ඝට්ටනය නිස ඇති වෙන බලපෑම අනෙක් කොටසට දැන්නේ අඩුවෙන් මේ නිසා චැසි ඇද වීම් පිපිරීම් අඩුයි.
නමුත් RC හා DUKE 200 හී චැසි එක Split එනම් වෙන් කිරිමක්නොකට තනි Trellis Frame එකක් ලෙස නිපදවා තිබෙනවා.

මේ බයික් එක stunt වලට නම් සුපිරිම බයික් එකක් මොකද මේ cc එකයි weight එකයි චැසි එකයි ඔක්කොම ටක්කෙටම හරියන්නේ stunt වලට නිසා.

තව දෙයක් සදහන් කලොත් මේ බයික් එකේ පිටුපස seat එකේ පිහිටීම පසුපස ගමන්ගන්නා කෙනාට ඉතා පීඩාවක් මොකද seat එකේ ඇති ඉඩ ප්‍රමාණය උස හා foot rest එකේ පිහිටීම නිසා 50-60km ධාවනයෙන් පසුව පසුපස ගමන් ගන්න කෙනාගේ කොන්දට සහ දනහිස් වලට ලොකු වේදනාවක් දැනෙන්න ඉඩ තිබෙනවා.

ඊලගට suspension ගැන කතා කලොත් ඉදිරිපස teliscopic WP USD(upside down) fork එකක් යොදාගෙන තිබෙනවා ලංකාවේ ගොඩක් බයික්ස් වල ඉදිරිපස suspension වැඩ කරන්නෙ උඩ සිට පහලට බලය වැටෙන විදිය්ට නමුත් මේ USD ක්‍රමයේදි පොලොවේ සිට ඉහලටයි බලය වැඩ කරන්නේ.ඒ නිසා stunt වලදි හදිසි අනතුරු වලදි fork අතට වෙන්න පුලුවන් හානිය බොහොම අවමයි වගේම ආකර්ශනීය පෙනුමක් මේ නිසා ලැබෙනව මොකද USD සාමාන්‍ය telescopic fork එකට වඩා ප්‍රමානයෙනුත් විශාල නිසා.

ඒ වගේම පසුපස monoshock භාවිතා කර තිබෙනවා මෙන්ම ටිකක් විශාල කැපී පෙනෙන swing arm එක යොදාගෙන තිබෙනවා.

Breaking ගැන කතා කලොත් ඉදිරිපස 300mm disc break එකක් හා පසුපස 230mm disc break එකක් යොදාගෙන ඇති අතර CBS(combined break system) යොදාගෙන තිබෙනවා ABS තරම්ම ආරක්ෂාකාරි නොවුනත් වේගය පාලන කරගනිමින් ආරක්ෂිතව 100kmph වැනී වේගයකින් පැමින මීටර් කීපයක් දුරින් බයික් එක නවත්වා ගැනීමට මෙය උපකාරයක් වෙනවා. මේ cbs තුලින් සිදු වන්නෙ ඉදිරි පස හෝ පසු පස break දෙකෙන් එකක් යෙදුවත් දෙපසම breaks ක්‍රමානුකූලව නිරායාසයෙන්ම ක්‍රියාත්මක විමයි.

Tyre විදියට ඉදිරිපස 110/70 x 17 tubeless tyre එකක් හා පසුපස 150/60 x17 tubeless tyre එකක් භාවිතා කර තිබෙනවා. මේ පුලුල් ටයර් නිසා බයික් එකට හොද පිරුන පෙනුමක් මෙන්ම ආරක්ෂාකාරි ධාවනයකට ඉඩත් සැලසෙනවා.

Lighting ගැන කතා කලොත් මේ බයික් එකෙත් maginto තාක්ෂණය යොදාගෙන තිබෙනවා wr (එක ගැන කියෝපු අය දන්නවනේ) ඒ වගේම පාරකදි තෙල් නැතුව හරි වෙන දෙයක් නිසා හරි බයික් එක හිට්ටොත් එන්ජින් එක on උනත් off උනත් තල්ලු කරන් යද්දි headlamp එක on වෙනවා ඒක ගොඩක් ලොකු වාසියක් මොකද දුර ඉදන්ම වෙන වාහනේකට bike එක පේන නිසා වගේම තල්ලු කරන් යන පුද්ගලයාටත් මාර්ගය පැහැදිලිව පෙන්න ඉඩ ලැබෙන නිසා.

අවසාන වශයෙන් තව පොඩි සටහනක් දෙන්නම් බයික් එක ගැන හැමදාම වගේ. KTM 200 සිට 390 ඉන්දියාව, කොලොම්බිය,පිලිපීනය හා ආජන්ටිනාව වැනි රටවල තමයි නිපදවෙන්නේ ඒකට හේතුව ඒ වගේ cc එකක් තිබෙන බයික්ස් යුරෝපීය රටවල ඉතාම අඩුවෙන් තමයි අලෙවි වෙන්නේ(එහෙ අඩුම cc bike එකත් 600 වගේ) ඒනිසා KTM සමාගම නිශ්පාදනය පිරිවැය අවම කරගන්නත් 200 වගේ ධාරිතාව ඇති බයික්ස් වැඩියෙන් අලෙවි වෙන දකුණු ආසියාව පුරා බෙදා හැරීම පහසු කරගැනීමටත් ඉන්දියාවේ bajaj auto සමග එකතු වෙලා මේ බයික්ස් නිශ්පාදනය කරනවා.

දැනට ලංකාවේ දුලබ බයික් එකක් උනත් ලඟදිම සුලබ විමට ඉට තිබෙනවා.ඒ ලඟදිම DPMC(Devid Peries Motor Company) මගින් මේ බයික්ස් ගෙන්වීමට තීරණය කර ඇති නිසා මාස කීපයකට පෙර Duke 200 එකක් හා 200RC එකක් එයාල ගෙන්නලා තිබුනු අතර ඒ බයික්ස් දෙකම උණු කැවුම් වගේ විකිණිලා තිබුනා.

දැනට නම් මේ බයික් එකේ ලෙඩක් ආවොත් ටිකක් වියදම් සැරයි. මොකද සමහර අමතර කොටස් මෙහෙ නැති නිසා ඒත් බයික් එක හංදියක් හංන්දියක් ගානේ දකින්න ලැබෙද්දි ඒ ප්‍රශ්නෙත් විසදේවි.ඒ වගේන KTM කියන්නේ ලෙඩ දෙන bike එකකුත් නොවෙන බව මතක තියාගන්න.

දැනගන්න ලැබෙන ආකරයට බොහෝ දුරට duke 200 එක රුපියල් 600,000 වගේ මුදලකට අලෙවි වීමට ඉඩ ඇති අතර finace පහසුකමද සමහර විට ලැබීමට ඉඩ තිබෙනවා. ඉතින් ඒ වෙනකම් KTM පිස්සො ටික ඉවසන් ඉන්න. පහල තියෙන photos බලල අදහසක් ගන්න. යෝජනා චෝදනා අපේ fb page එකට message කරන්න like කරලා share කරලා අපි එක්ක සෙට් වෙලා ඉන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©





No comments:

Post a Comment