බද්දෙන් ගැලවුනු WR125X - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, August 30, 2017

බද්දෙන් ගැලවුනු WR125X


කොහොමද කට්ටියට ගොඩක් අය ඉල්ලලා තිබ්බ ගන්න පුලුවන් නඩත්තු කරන්න පුලුවන්.Japan bike එකක් ගැන දාන්න කියලා ඒ නිසා අද අරගෙන ආවා Yamaha WR125X බයික් එක ගැන review එකක්.
මේ බයික් එක 2009 සිට මේ දක්වා ජපානයේ නිශ්පාදන වෙන අතර Honda XR,KTM 125,Kawasaki D tracker 150 වගේ බයික් එක්ක කරට කර තරඟයක තමයි මේ බයික් එක ඉන්නේ 125cc එන්ජින් එකක් උනත් ඉතාම හොඳ proforments වලින් යුක්ත බයික් එකක් විදයට මේක හඳුන්වන්න පුලුවන්.මේක Super Moto catagory එකට වැටුනත් ටයර් සහ සුලු වෙනස්කම් කීපයකින් trail(dirt) bike එකක් විදියට භාවිත කරන්නත් පුලුවන්.

සුපුරුදු පරිදි අපි මේ යකඩ යකාගේත් engine එකෙන්ම පටන් ගමු.
මේ බයික් එකේ එන්ජින් එක විදියට 124cc single cylinder,four-stroke 4 valve SOHC liquid cool engine එකක් තමයි Yamaha විසින් ලබා දීලා තියෙන්නේ.ඒ වගේම මේ එන්ජින් එක 4 valve. ගොඩක් dirt bikes වල වගේම මේ බයික් එකටත් liquid cooling system එකක් යොදාගෙන තිබෙනව මේකට හේතුව වෙන්නේ air හෝ oil cooling එකට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් liquid cooling සතු නිසායි.dirt bike එකක් යනු බොහෝ විට දුශ්කර මාර්ග කඳු හෙල් තරනයට නිර්මාණය වූ යතුරුපැදි එවැනි මාර්ග තරනයේ දී බොහෝ විට high RPM එකක bike එක රඳවා ගන්න වෙනවා එවිට අධික ලෙස එන්ජිම රත් වීම වැලැක්වීමටයි liquid cooling system එකක් යොදාගැනීම අවශ්‍ය වන්නේ.

ඊලගට මේ එන්ජින් එකේ උපරිම power output එක ගැන සදහන් කලොත් 14.75 HP ලෙසයි එය සදහන් වෙන්නේ.(සාමාන්‍ය ඉන්දියන් 150cc එන්ජින් එකක අශ්ව බලය) ඒ වගේම තත්පර 13.2 0-60 වේගයටත් 0-100 වේගයට තත්පර 13.9 කාලයක් තමයි ගත වෙන්නේ ඒ වගේම.මේ බයික් එකේ top speed විදියට 140kmph වේගයක් ලබා දීල තියෙනවා.(200cc indian engine එකකටත් තරමක් ලංවීමට අපහසු වේගයක්)

මේ බයික් එකේ gear හා clutch ගැන කතා කලොත් ගියර් 6ක වේග පද්ධතියක් හා Wet, multiple-disc coil spring clutch එකක් යොදා ගෙන තිබෙනවා.125cc bike එකට ගියර් 6ක් කියන්නේ ඉතින් ඉබ්බට තටු ආවා වගේ ගැම්මක් තමයි මොකද දැන් market එකේ තියෙන indian හෝ assembled in india bikes බොහෝමයක් 200 එන්ජින් වෙලත් අපිට gear 5යි දැකගන්න ලැබෙන්නේ.

ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කලොත් මේ බයික් එක ලොකු ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබාගන්න පුලුවන් බයික් එකක් නෙමෙයි කියන එක් මුලින්ම කියන්න ඕනේ.හැමෝම වගේ දන්නවනේ ජපන් බයික් කියන්නේ තෙල් කරන්න හදපු බයික්ස් නෙමෙයි කියලා අපිට මේ බයික් එකෙන් ලබාගන්න පුලුවන් උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවය වෙන්නෙ ලීටර් එකකින් 30-35km වගේ දුරක් තමයි.(තෙල් කරන්න ඒවා ඔනේ නම් ඔය fz වගේ මොකක් හරි ගන්න පුතේ)

මේ බයික් එකට ලීටර 8.5 ඉන්ධන ටැංකියක් ලබා දීලා තියෙනවා ගොඩක් SM හෝ dirt බයික්ස් වල ලොකු ඉන්ධන ටැංකියක් නම් දැකගන්න ලැබෙන්නේ නෑ මීට හේතුව බයික් එකට ලබා දිය යුතු අත්‍යාවශ්‍යම දේවල් පමණක් ඉතාම සැස්පිරිස් කමකින් යුතුව බයික් එකට ඇතුල් කිරීමට ඕනෑම dirt මාදිලියේ යතුරුපැදියක් සැලසුම් කිරීමේදී එහෙ සැලසුම්කරුවන් අවධානය දෙනවා මොකද මේ බයික්ස් ලස්සනට carpet පාරේ යන්න හදන බයික් නොවෙන නිසා.

මේ බයික් එකේ meter panal එක ගැන කතා කලොත් ඒක fully digital විදියටයි දැකගන්න ලැබෙන්නේ.speed,millage ,fuel,වගේ දේවල් තමයි පෙන්නුම් කරන්නෙ සාමාන්‍යයෙන් sport, naked හෝ sports commuter bike වල මෙන් වැඩ කෑලී වැඩි මීටර් එකක් sm/dirt බයික්ස් වල දැකගන්න වෙන්නේ නෑ.සමහරෙක් dirt bikes වල fuel gage එක පවා පෙන්නුම කරන්නේ නෑ ඒඅතින් wr125x ඉදිරියෙන් ඉන්නවා වගේම ඒක rider ට ලොකු පහසුවක්.

තවත් කරුණු කීපයක් කතා කලොත් මේ බයික් එකෙත් exhaust system එක බයික් එකෙ ඉහලින්ම පිහිටා තිබෙනවා එයට හේතුව අඩි 4ක පමණ ජලය ඇති තැනකින් උනත් එන්ජින් එක නතර කරගන්නේ නැතුව ගමන් කිරීමට මේ උස් සයිලන්සරය පිහිටීමත් බොහෝ dirt/sm bikes වලට යොදා ගන්නා සුලබ දෙයක්.

ඒ වගේම මේ බයික් එකේ kick start එකක් දැකගන්න ලැබෙන්නෙත් නෑ.

ඒ වගේම මේ බයික් එකේ chassi එක ගැන කතා කලොත් Steel double cradle frame එකක් ලබා දී තිබෙනවා මෙය ශක්තිය අතින් ඉතාම ඉහල අතර බරින් වෙනත් frame වලට සාපේක්ෂව බරින් අඩුයි.එම නිසා ඕනෑම රලු මාර්ගයක ඔස්සේ හෝ ස්ථාවර ධාවනයකට ඉඩ ලැබෙනවා.

ඒ වගේම මේ බයික් එක 137kg බරකින් යුක්ත වන අතර 1,165 mm (අගල් 45.9) පොලෝ මට්ටමේ සිට උසක් දකවනවා මේ නිසා මේ බයික් එක ටිකක් කොට කෙනෙක්ට නම් ධාවනය තරමක් අපහසුයි වගේම අධික traffic අවස්තාවකදී උසින් අඩු rider කෙනෙක් සිටියොත් ඉතාම අපහසුතාවයට පත් වෙන අතර පිටුපස තවත් කෙනෙකු සිටියොත් එම විඩාව දෙගුන තෙගුන විය හැකියි එම නිසා පලපුරුද්දකින් තොර අඩි 5.8 පමණ උසට අඩු rider කෙනෙක්ට මේ යතුරුපැදිය කිසිසේත් ගැලපෙන්නේ නෑ.

ඊලගට මේ බයික් එකේ suspension ගැන කතා කලොත් ඉදිරිපස telescopic frock සහ පසුපස Swingarm, link suspension සමඟ monoshock යොදාගෙන තිබෙනවා.dirt bike එකක් නිර්මාණයේදී විශේෂ අවධානයක් suspension වෙත යොමු කරන අතර එයට හේතුව වෙන්නේ කම්පන හා ඝට්ටනයන්ට සාර්ථකත්ව යතුරුපැදිය හා rider යන දෙපාර්ශවයටම මූන දීමට ඉඩ සලසා දීමටයි.
Yamahaත් ඉතා සාර්ථක ලෙස ඒ අවස්ථාව wr125x rider ට ලබා දී තිබෙනවා.

ඊලගට breaks ගැන කතා කලොත් ඉදිරිපස 298 mm disc break එකක් හා පසුපස 220 mm disc එකක් ලබා දීබෙන නිසා ඉතා හොඳ break respons එකක් මේ බයික් එකෙන් බලාගන්න ලැබෙනවා.

Tyre හා rim ගැන කතා කලොත් ඉදිරිපස tyre එක ලෙස 110/70-17 ලබාදී ඇති අතර පසුපස
140/70-17 tyre එකක් ලබා දී තිබෙනවා මේ bike එක stoke mode එකෙන් ලබා ගද්දි නම් sm tyre තම දැකගන්න ලැබෙන්නෙ (ගල් කට්ට නැති ටයර්) නමුත් අවශ්‍ය පරිදි moto cross ධාවනයට වැනි දේට යොදා ගන්නවා නම් motor cross tyre යොදා ගත හැකී.

එමෙන්ම අගල් 17ක රිම් දෙපසටම යොදාගෙන ඇති අතර spoke තමයි යොදාගෙන තිබෙන්නේ මේ නිසා alloy wheel bike එකකට වඩා හදිසී අනතුරකදි රිම් ඇද වීමට ඉඩ කඩ වැඩි අතර අලුත්වැඩියා පිරිවැයද වැඩියි. එමෙන්ම ඉහත කී ටයර් ප්‍රමානයේ ටයර් මාරුවකදී ඉදිරිපස rs7000-8000  පසුපස 10000-15000 අතර මිලක් විය හැකියි එම නිසා නඩත්තුවේදී තරමක් india bike එකට වඩා වැයවීම වැඩ්යි.(නමුත් ලෙඩ අඩුයි ආවොත් මිල වැඩී)

Lighting ගැන කතා කලොත් මුලු යතුරුපැදියේම ආලෝකය maginto(රෝදය කැරකිමේදී ඇති වෙන චාලක ශක්තිය විද්‍යුත් ශක්තියට පරිවර්තනය කරන තාක්ෂණයක් බොහෝ ජපන් යතුරුපැදි වල යොදා ගනී.) මගින් ලබා දෙන අතර onlight head lamp එකක් දැකගත හැකියි

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සදහනක් කලොත් මැතක වත්මන් රජය විසින් ලබාදුන් බදු සහනයට යටත් වෙන බයික් එකක් තමයි මේක මේ නිසා ගොඩ දෙනෙක් මේ බයික් එක ගැන ඇහුවා මේ නිසා වණ්ඩි අද මේ බයික් එක ගැන review එකක් අරන් ආවා.මේ බයික් එක බදු සහ සියල්ල ඇතුලත්ව මෙරටට ගෙන්වීමට ලක්ශ5.50 සිට 6.50 මුදලක් වැයවිය හැකි බවට සදහන් වෙනවා.එමෙන්ම මේ බයික් එක අරගෙන කිසි සේත් 3rd party insurance එකකට නම් යන්න එපා හැප්පුනොත් බයික් එක දිහා බලන් හුල්ලන්නයි වෙන්නේ ඒ වගේම හමෝම වගේ දන්නවනේ ජපන් parts ගනන් කියලා ලෙඩක් ආවොත් නඩත්තු කරන්න බැරි කෙනෙක් මේ බයික් එක ගන්න එකත් නුවණට හුරු නෑ නමුත් brand new japan bike එකකට ආසවක් තියෙන අතේ සල්ලි ටිකක් ගැවසෙන කොල්ලෙක්ට නම් පාරේ යද්දි කැපිලා පේන හොද බයික් එකක් මේක ගන්නවද නැද්ද කියන එක ඔයාලගේ කැමත්ත සුපුරුදු විදියට අපි කරන්නේ හොද නරක කියන එකයි.මේ බයික් එකෙත් 250cc හා 450 ලෙස මාදිලි 3ක් පැමිනෙනවා ඉදිරියේදී ඒ බයික්ස් ගැනත් කතා කරන්නම් ඒත් ඒවා නම් බදු සහනෙට අහු වෙන්නේ නෑ 150 වලට වඩා එන්ජින් ධාරිතාව වැඩි නිසා.

අදහස් යෝජනා චෝදනා අපේ facebook page එකට යොමු කරන්න අපි එක්ක සෙට් වෙලා ඉන්න.පහල තියෙන photos බලල අදහසක් ගන්න bike එක ගැන ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wand - වණ්ඩි©




2 comments: