සිලින්ඩර තුනේ සුද්දා Triumph Speed Triple 1050 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, May 18, 2021

සිලින්ඩර තුනේ සුද්දා Triumph Speed Triple 1050


 

අද කතා කරන්නෙ Inline 3 සිලින්ඩර් කාන්ඩයේ ඉතාමත් බලගතු යතුරුපැදියක් වන මහා බ්‍රිතන්‍යයේ උපත ලබන Triumph Speed Triple 1050 ගැනයි.

Speed Triple 1994

ඉතිහාසය

මෙම යතුරුපැදියෙ නිශ්පාදනය මුල්ම වරට අරම්භ කරන්නෙ 1994 වර්ශයෙදී. ඒ 1938 දී නිපැදවු Speed Twin යතුරුපැදියේ ආභාශයෙනි. එවකට Speed Twin යතුරුපැදියට යොදා ඇත්තෙ 498cc සිලින්ඩර් දෙකකින් සමන්විත එන්ජිමක් වූ අතර Triumph සමගම තම නවතම Speed Triple හට යොදා ගනු ලැබුවෙ 855cc liquid cooling Inline 03 සිලින්ඩර් එන්ජිමකි. යුරෝපානු වෙළදපොල ඉල්ලක කර 750cc බලයෙන් අඩු යතුරුපැදියක්ද එලිදැක්වීය. පරම්පරා හතරක් පුරාවට විවිධ වෙනසකම් වලට ලක් වෙමින් නිපදවු මෙම Speed Triple යතුරුපැදියේ 1050cc මාදිලිය 2005  වසරෙදි එලිදැක්වීය.

Speed Triple 1997

ඒ එකල ට්‍රෑම්ෆ් සමාගම සතු වූ බලගතුම සහ වේගවත්ම යතුරුපැදිය ලෙසිනි. ඔවුන් සතුව ට්‍රෑම්ෆ් රොකට් 3 යතුරුපැදිය ලොව එන්ජින් ධාරිතාව වැඩිම යතුරුපැදිය ලෙස තිබුන ද වේගවත්ම සහ බලගතුම යතුරුපැදිය වූයේ මෙයයි.


එමෙන්ම නේකඩ් යතුරුපැදි කාණ්ඩයේ වෙනසක් සිදු කර පෙරළිකාර යතුරුපැදියක් ලෙසටත් මෙය හඳුන්වා දිය හැකියි.මෙම යතුරුපැදය 2019 දක්වා 1050cc ධාරිතාවයෙන් නිෂ්පාදනය වූ අතර 2020 සිට Speed Triple 1200 RS ලෙසට නව බලගතු එන්ජිමකින් චැසියකින් සහ ඉලෙට්‍රොනික පද්ධතියකින් කරළියට ගෙන එන ලදි.

Speed Triple 2005

එන්ජිම


1050cc සමාන්තර සිලින්ඩර් තුනක් Dual Overhead Camshft (DOHC) වෑල්ව් 12කින් සමන්විත වී ඇත. 2005 සිට 2010 වන තෙක් අශ්වබල 129 ක්ද 2010 සිට 2015 වන තෙක් අශ්වබල 135 ක්ද 2016 සිට 2019 වන තෙක් අශ්වබල 140 ක්ද ජනණය කර දෙනවා. උපරිම torque එක  නිව්ටන් මීටර් 86 ක් RPM 7,150 දී නිපදවන නිසාවෙන් ඉතාමත් හොද Pickup එකක් මෙන්ම ලග සහ දුර ධාවනය බෙහෙවින්ම පහසු කරවනවා.


මෙම යතුරුපැදියට පැයට කිලෝමීටර් 250 ඉක්මවන උපරිම වේගයක් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකියාවක් ඇත.


එන්ජින් වර්ග අතර ඉතාම ප්‍රායෝගික සහ උචිත වර්ගයක එන්ජිමක් වන සමාන්තර සිලින්ඩර 3ක එන්ජිමක් යොදාගැනීම හේතුවෙන් බරින් අඩු හැසිරවීමට පහසු මෙන්ම අදාල කාණ්ඩයේ හොඳ ඉන්ධන පිරිමැස්මක් ලබා ගැනීමට හැකි ද්විත්ව එන්ජින් යතුරුපැදියක ලඟ පිකප් එකත් සමාන්තර සිලින්ඩර 4ක එන්ජිමක බලයකට ආසන්න බලයක් ලබා ගැනීමටත් මේ මධ්‍යස්ත සිලින්ඩර 3 එන්ජිමට හැකියාව ලැබී ඇත.


රයිඩින් මෝඩ්ස් සහ ඉලෙට්‍රොනික පද්ධතිය


2016 දී මෙම යතුරුපැදියට රැඩිකල් වෙනසක් ට්‍රැම්ෆ් සමාගම සිදු කල අතර යතුරුපැදියෙහි එන්ජිමද ඇතුලුව වෙනස්කම් 104ක් සිදු කරන ලදි. ඒ අතර ප්‍රධානතම වෙනස්කමක් ලෙසට එකිනෙකට වෙනස් රයිඩින් මොඩ්ස් 5ක් (Rain,Road,Sport,Track,Rider) ද ට්‍රැක්ශන් කන්ට්‍රෝල් ද ABS තාක්ෂණය ද එකතු කරනා ලදි. එපමනක් නොව 2019 සිට මේ යතුරුපැදියට කෘස් කන්ට්‍රොල් ද MotoGP යතුරුපැදි වල භාවිතා වූ තාක්ෂණික උපාංගයක් වන IMU (Inertial Measurement Unit) යොදාගත් අතර මෙමගින් වඩාත් නිරවද්‍ය තොරතුරු ලබා ගනිමින් ට්‍රැක්ශන් කන්ට්‍රොල් සහ ABS මෙන්ම අනෙකුත් ඉලෙට්‍රොනික උපාංග පාලනය කර ගැනීමට හැකියාව ලැබි ඇත.

ඉන්ධන සැපයුම සහ සිසිලන පද්ධතිය



මෙම යතුරුපැදිය නිෂ්පාදනය කර වසර 3ක් යත්ම එනම් 1997 සිට Electronic Fuel Injection තාක්ෂනයෙන් ඉන්ධන සැපයුම වෙන අතර අදාල කණ්ඩයේ ඉතාමත් හොද ඉන්ධන පිරිමැස්මක් ලබා ගැනීමට හැකියවක් ඇත. ලීටර එකක්ට කිලෝමීටර් 23 ආසන්නව ඉන්ධන පිරිමැස්මක් ඇති අතරම අදාල කාණ්ඩයේ අනෙක් යතුරුපැදි සමග කරට කර තරගයක් මෙය ඔස්සේ එල්ල කිරිමට Triumph සමාගම හැකියාව ලැබී ඇත. කෙසේ වෙතත් rider ගේ ධාවනය මත මෙය වෙනස් වීමට ඉඩ තිබේ.


එන්ජිමේ සිසිලනය (cooling system)  දෙසට යොමු වන විට පෙර මාදිලි වටල වඩා ඉතා දියුනු සහ සුමට ක්‍රියාකාරී වන ද්‍රව සිසිලන පද්ධතියක් දැක ගත හැකි අතර ඔයිල්  කූලර් එකින්ද සමන්විත වේ. Traffic ධාවනයේදි rider සහ pillion හට තාපයෙන් කිසිදු බධවකින් තොරව ගමන් කිරිමට මෙම පද්ධති දෙකම බෙහෙවින් උපකාරි වනු ඇත.



Gear සහ Clutch



ගියර් දෙසට යොමු වුවහොත් වේග 6ක පද්ධතියක් සමග Wet Multi Plate Slipper Clutch එක්ක බලා ගත හැක. මෙයින් වංගුවකදි තදින් downshift කිරිමෙදී පිටුපස රොදයේ traction නැතිවී යාම වැලැක්වීම සිදු කරනවා.


Design



2005 වර්ශයේ සිට headlight, බර සහ තවත් සුලු සුලු වෙනස්කම් වලට භාජනය ලක්විය. කෙසේ නමුත් Triumph මේම යතුරුපැදි සියල්ලටම Aluminium beam twin-spar ෆ්‍රේම් එක්ක යොදා ඇත. එය ඕනෑම අයෙකුට දුරසිටම ඉතාමත් පහසුවෙන් Speed Triple එක හදුනා ගැනිමට උපකාරි වෙනවා. ඉතාමත් ශක්තිමත් Aluminum alloy single Sided ස්වින්ග් ආර්ම්  එකක් ඇති අතර ටයර් මාරු කිරිමෙදි හා අනෙකුත් නඩත්තු කටයුතු සදහා වැඩි වෙහෙසක් නොදරා කිරිමේ හැකියාව පවති.


Ground clearance එක මිලිමීටර් 800 වේ. Seat height (පොලොවෙ සිට ආසනට ඇති උස) 825mm වේ. සාමාන්‍ය උස පුද්ගලයෙක්ට උවද මෙය නගරබද ධාවනයේ දී ඉතා පහසුවෙන් හැසිරවිය හැකි නමුත් තරමක් කෙට්ටු පුද්ගලයෙක්ට  කිලෝග්‍රෑම් 192 කින් යුත් මෙම යතුරුපැදිය හැසිරවීමේ අපහසුතා පැන නැගිය හැක.

Fuel Capacity දෙසට යොමු උනොත් ලීටර් 15.5 ධාරිතාවයක් සමන්විතයි. ප්‍රමණය Naked යතුරුපැදියකට ඉතාමත් උචිත ලෙස නිම කොට ඇති මෙම ටැංකිය ලීටරයක්ට කිලෝමීටර් 23 ක ඉන්ධන කාර්යක්ෂමතාව යක් ලබා ගැනීමට rider හට හැකියාවක් ඇත.

මීටර් එක


මුල් මාදිලි (2005-2016) Semi digital මීටර් ලෙසත් නව මාදිලියේ (2017-2019) අගල් 5 ක Full color TFT Screen එකක් දැක ගත හැකිය. මෙහි Speed, trip, Fuel level, RPM indicator වැනි තොරතුරු Rider හට ලබාදෙන අතර gear position indicator එකක් දැකගත හැක්කේ නවතම මාදිලියේ පමණයි. 

Suspension


2019 නිශ්පාදන වර්ශය සදහා  'S' සහා 'RS'  යනුවෙන් මාදිලි දෙකකින් වෙළදපොලට යතුරුපැදිය හදුන්වා දීමට Triumph සමාගම කටයුතු කර ඇත.  මෙහිදී දැකගත හැකි සුවිශේෂී අංගය වනුයේ suspension යුගලයි.


'S' මාදිලිය


ඉදිරිපස Showa සන්නාමයෙන් මිලිමීටර් 43 ක Up Side Down (USD) ෆොර්ක් යුගලක් ද පසුපස Showa සන්නාමයෙන්ම monoshock එක්ක දැක ගත හැක.


'RS' මාදිලිය


ඉදිරිපස Ohlins NIX30 සන්නාමයෙන් මිලිමීටර් 43 ක Up Side Down (USD) ෆොර්ක් යුගලක් ද පසුපස  Ohlins TTX36 tube දෙකක් සහිත monoshock එකක් දැකගත හැක.


Brakes


පෙර මාදිලි වලට වඩා හොද සහා ඉක්මන් ක්‍රියාකාරි තිරිංග පද්ධතියකින් සමන්විත Speed Triple යතුරුපැදිය ට ඉදිරිපස පිස්ටන් 4 කින් යුත් Brembo radial කැලිපර්  සමග මිලිමීටර් 320 ක ඩිස්ක් දෙකක්ද පසුපසට පිස්ටන් දෙකකින් යුත් Nissin කැලිපර් එකක්ද යොදා තිබෙනවා.


විශේෂාංගයක් ලෙස ඉදිරිපස සහ පසුපස ABS   ක්‍රියාවිරහිත කිරිමේ හැකියවද එක්කර තිබේ.


Tyres


සමබරතාවය අතින් ඉතා ඉහල මෙම යතුරුපැදිය ඉදිරියට 120/70-17 ප්‍රමාණයේ ටයර්කුත් පසුපසට 190/55-17 ප්‍රමාණයේ ඉතා පුලුල් ටයරයක් යොදා ඇත.


අමතර සටහන්


Triumph Speed Triple 1200RS

MotoGP (මේ ගැන ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න)  හී මෝටෝ 2 ඉසව්ව වෙනුවෙන් එන්ජින් සපයා ලබා ගත් තාකෂණික දැනුමත් ඉතාලියානු ආභාශයෙනුත් උඔඅන් Speed Triple යතුරුපැදිය ලොව පුරා සිටින යතුරුපැදි ලෝලීන්ගේ හද සොරා ගැනීමට හැකියාව ලබා ගෙන ඇත. මෙයත් සමග වෙළදපොලේ කරට කර තරගයට KTM 1290 Super Duke R, Kawasaki Z1000,, BMW S1000R, Ducati Street Figther V4, Suzuki GSXS1000, Honda CB1000R ,Yamaha MT10යන යතුරුපැදිය පෙන්වා දිය හැක.තවද මෙහි මිල 2019 වර්ශය වන විට ඇමරිකානු ඩොලර් 14,500 පමණ විය.


2021 වර්ශයට අලුත් වන Speed Triple වැඩි දියුනු කරන ලද 1200cc එන්ජිමකින් සහ නව පෙනුමකින් වෙළදපොලට ලගදී නිකුත් විය.  ඒය ගැනද අපි ලිපියකින් පසු දිනක ඔබ වෙත රැගෙන එන්නම්.


කරුණාකර කතෘ අයිතිය සුරකින්න.


Wandi - වණ්ඩි©



1 comment: